gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දොස්තරවරුන්ගේ ඉල්ලීමට හිස නමයි! ගුරු විරෝධය පස්යාලෙන් නවත්වයි - (video)

ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමිගේ මූලිකත්වයෙන් මහනුවර සිට කොළඹට පැමිණි ගුරු - විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් නැවත්වීමට එම සංවිධාන කමිටුව තීරණය කර තිබේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි මෙලෙස විරෝධතාවය තාවකාලිකව අත්හිටවූවා ඇත.

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මේ පාගමන පවත්වනු ලැබීය.

කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ පාර්ශවවල ඉල්ලීම් මත එම තීරණය ගත් බව පුජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසූහ.

උන්වහන්සේ මෙසෙද කීය.

"ඊයේ දවස වන විට විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු - විදුහල්පතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරලා තිබුණා පවතින තත්ත්වය යටතේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආපස්සට ගෙන රටේ පවතින තත්ත්වය සමඟ ඉදිරියේ දී අරගලය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස. ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබුණා. අපේ මහානායක හාමුදුරුවෝ ප්‍රධාන අපිට ආශිර්වාද කළ සියලු පාර්ශව අපිව දැනුවත් කළා ගුරු - විදුහල්පතිවරුන් විදියට සංවේදීව අද දවසේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනවා තාවකාලිකව. කොවිඩ් වසංගතය අද ව්‍යවසනකාරී තත්ත්වයකට ඇවිල්ලා පැයකට 4 දෙනෙක් මියයන තත්ත්වයට පත්වුණේ ආණ්ඩුවේ තියෙන අදූරදර්ශී ක්‍රියා පිළිවෙල නිසා. ආණ්ඩුව මේ ව්‍යාප්ත වුණ කොවිඩ් රැල්ල ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගොඩට දාලා ඇඟ බේරා ගැනීමේ උත්සහයක් ගනිමින් ඉන්නවා. මෙය තේරුම් ගත්ත අපි මෙම ව්‍යාපාරය තාවකාලිව අඩියක් ආපස්සට ගන්නවා. "




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka