gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති ජාතිය අමතන්න කලින් විපක්ෂනායක නිවේදනයක් නිකුත් කරයි!

රට මේ වනවිට ඉතා අර්බූදකාරී තත්ත්වයකට පත්ව ඇති බවත්, එම නිසා මිත්‍යාවෙන් නොමැතිව විද්‍යාවෙන් සිතා තීන්දු තීරණ ගත යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. එම සම්පූණ නිවේදනය මෙසේය.

මිත්‍යාවෙන් මිදී විද්‍යාවෙන් තීන්දු ගන්න.
කෙටි කලකට රට වසා දමන්න.

සිහිබුද්ධියක් ඇතිව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු සලිත කරන මට්ටමේ තැනකට අපේ රට ඇද වැටී තිබේ.

◼️ඉකුත් සතිය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ වාර්තා වූ මරණ සංඛ්‍යාව පමණක් සැලකිල්ලට ගත්තත් රටක් හැටියට අප තල්ලු වෙමින් තිබෙන තැන පිළිබඳව එළැඹිය හැකි ස්ථාවරය  බිහිසුණු ය.අඳුරුය.

◼️ප්‍රකෘති තත්වයෙන් සිටින කිසිවෙකුට මේ යන ගමන පිළිබඳව යහපත් චිත්‍රයක් මවාගත නොහැකි නමුත්,ආණ්ඩුවට ඒ පිළිබඳව වගේ වගක් නැති බව පමණක් තවමත් තහවුරු ය.

◼️මේවන විටත් කොරෝනා ආසාදිතව මියගොස් ඇති ජීවිත අතිමහත් ප්‍රමාණයක වගකීම  ආණ්ඩුව විසින් භාරගත යුතු අතර,ඒ වගකීමෙන් පලා යාමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නැත.
◼️කණගාටුවට කරුණ වන්නේ පළමු සහ දෙවන කොරෝනා ආසාදිතයන් මෙරටින් හමුවන විට ගනු ලැබූ ක්‍රියාමාර්ගයවත්, මේ වන විට දහස් ගණනින් කොරෝනා රෝගීන් හමුවන විට ගැනීමට තරම්වත් ආණ්ඩුවට මේ ව්‍යසනයෙහි බරපතළකම නොතේරීමයි.

◼️ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබූ සංචරණ සීමා හුදෙක් ප්‍රායෝගික නොවන,ප්‍රතිඵල රහිත ක්‍රියාවලියක් පමණක් බව දිනපතා වාර්තාවන ආසාදිත ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය ඉහළ යාමෙන් තහවුරු වේ .

දිනපතා සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීම,අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් මෙරටට ආනයනය කිරීම,මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්නට නොදී නිසි පරිදි කළමනාකරණය කිරීම ආණ්ඩුවට පැවරී ඇති වගකීමකි.

◼️ලෝකයේ බොහෝ රටවල් කොරෝනා ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන් දෙවියන්ගෙන් අසා තීන්දු නොගන්නා අතර ,ඔවුන් මුල්තැන දී ඇත්තේ තමන්ගේ විද්‍යාත්මක සෞඛ්‍ය පද්ධතියට ය.

◼️සියලු සෞඛ්‍යය විශේෂඥයින් ද,මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද ,රටේ අති මහත් ප්‍රමාණයක් වූ පක්ෂ නායකයින් ද ඉල්ලා සිටින්නේ මේ ව්‍යසනයේ බරපතළකම වටහාගෙන රට අගුලු දමන ලෙසය.

මේ වෛරසය සමඟ අරගල කළ යුත්තේ විද්‍යාත්මකව මිස පුහු හිතුවක්කාරය පදනම් කරගත් දේශපාලනිකව සහ මිත්‍යාදෘෂ්ඨිය පදනම් කරගත් මිත්‍යාවාදීව නොවන බව යළිත් වතාවක් ආණ්ඩුවට සිහිපත් කරන අතර තීරණාත්මක විසඳුම ඇත්තේ  දින කිහිපයකට මේ රට අගුලු දැමීමෙන්  (lockdown) පමණක් බව නැවතත් ආණ්ඩුවට අවධාරණය කරමු .

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka