gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු සිදුවීමට සාධාරණය ඉල්ලා හෙට පන්සල්, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල ඝන්ඨාර ගහන්නැයි පියතුමා ඉල්ලයි - (video)

පාස්කු සිදුවීමට ලක් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරන ලෙස රජයට බල කරමින් කතෝලික සභාව සංවිධානය කරන කළු විරෝධය හෙට ( 21 වැනිදා) පැවැත්වේ. එදින උදේ 8.45ට සියලුම කතෝලික දේවස්ථානවල දී සීනු නාද කර ජන සහභාගිත්වයෙන් තොරව යාච්ඤා මෙහෙයයන් සිදු කෙරෙන අතර සියලුම නිවෙස් හා වෙළෙඳසල් ඉදිරිපිට කළු කොඩි ඔසවා වෙළෙඳසල් වසා තබන ලෙස ඉල්ලීමක් කෙරේ.

මෙම විරෝධයට එක් වී සියලුම වාහනවල ද කළු කොඩි එසවීමට පියවර ගන්නා ලෙසත් කතෝලික සභාව ඉල්ලා සිටියි.

සියලුම දේවස්ථානවල දී සීනු නාද කරන අවස්ථාවේ දී පන්සල්, කෝවිල් ඇතුළු ආගමික ස්ථානවල සීනු සහ ඝණ්ටාර නාද කරන ලෙස ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය.

පාස්කු සිදුවීමට ලක් වූවන්ට සාධාරණය ඉෂ්ට කර දෙන මෙන් ඉල්ලා එදින රාත්‍රි 7 සිට පැයක කාලයක් නිවසේ සිට යාච්ඤා කරන ලෙස කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා සඳහන් කළේය.

පියතුමා මේ බව සඳහන් කළේ මෙම විරෝධය සම්බන්ධයෙන් කරණු දැක්වීම සඳහා කොළඹ මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (19 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka