gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුවත්පත් කලාවේදී එල්මෝ සහ පුතු දමිත පැය 24 ඇතුළත දිවියෙන් සමුගනී

මෙරට විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස සැලකෙන 83 හැවිරිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද (28) පෙරවරුවේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන්  අභාවප්‍රාප්ත විය. ඊට පෙර ඔහුගේ වැඩිමල් පුතු දමිත ගුණරත්න ද හෘදයාබාධයකින් ඊයේ සවස හදිසියේම අභාවප්‍රාප්ත විය.

එල්මෝ ගුණරත්න මහතා සිය නිවසේදී මියගිය බව පැවසේ. ඔහු දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට
විශිෂ්ට ‌සේවාවක් ඉටු කළ ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පෙළේ මාධ්‍යවේදියෙකු විය.

තායිලන්තයේ ‘බැංකොක් පෝස්ට්’ පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන්ද ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන්ද ‘ලංකාදීප’ – ‘සන්ඩේ ටයිම්ස්’ සහ ‘ඩේලිමිරර්’ යන සිංහල-ඉංග්‍රීසි පුවත්පත් තුනේම කර්තෘ ලෙසද ඔහු පසුව කටයුතු කළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ ‘සිංහලයා’
පුවත්පතෙනි.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදි එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ දමිත ගුණරත්න මහතා ඊයේ මියගියේය. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි. ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ ආයතනයේ මාධ්‍යවේදියකු වශයෙන් ඔහුද කලක් සේවය කළ අතර ඊයේ (27) දින ඇතිවූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වී ඇත.

එල්මෝ ගුණරත්න මහතාගේ බිරිය නන්දා ඩයස් ගුණරත්න මහත්මිය කලකට ඉහත මියගොස් තිබේ.එල්මෝ ගුණරත්න මහතාට මියගිය  දමිත ගුණරත්නට අමතරව හර්ෂ , තුෂාර සහ රජීව් යන පුතුන්ද සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka