'මගේ ඉතුරු එකත් නාමල්ටම දෙන්න' - කබ්රාල් රාජපක්ෂවරු 4 දෙනාටම ලියුමකින් දැනුම් දෙයි!
තමන්ගේ අමාත්‍යංශයට මේ වනවිට විට ඉතුරුව ඇති එකම ආයතනයද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙතම පවරා දෙන ලෙස දැනුම් දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
මෙහි පිටපත් අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමටද කබ්රාල් මහතා පියවර ගෙන තිබේ.
අවසන් වරට සිදුවූ විෂය පථයන් සංශෝධනයේදී රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සතුව තිබූ ආයතන සහ විෂයයන් ගණනාවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබීම මේ සදහා හේතුවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව කබ්රාල් මහතාට ඉතිරිව ඇත්තේ එක් ආයතනයක් පමණි.
'මගේ ඉතුරු එකත් නාමල්ටම දෙන්න' - කබ්රාල් රාජපක්ෂවරු 4 දෙනාටම ලියුමකින් දැනුම් දෙයි!
2021-08-21T20:33:00+05:30
Gossip Lanka Hot News





