gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාගම කොවිඩ් රෝහල, රෝගීන්ගෙන් පිරී යයි - සමාජ මාධ්‍ය සංවේදී කළ ඡායාරූපවල පිටුපස කතාව මෙන්න - (video)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1720 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛයාව 317914ක්.

එමනේම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 1754 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 284524ක් ලෙසටයි.

රාගම ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ධාරිතාවද මේ වන විට ඉක්මවා ගොස් ඇති බවටද මේ වන විට වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් වන වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

මේ වන විට ප්‍රතිකාර ඒකකයේ ධාරිතාව 90% සීමාව ඉක්මවා ඇති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 74ක් ඊයේ වාර්තා කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4645 දක්වා ඉහළ ගියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka