gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුපුරන්න ආසන්න ‘ඩෙල්ටා බෝම්බයක්’ රට ඉදිරියේ... කොයි මොහොතක හෝ පුපුරාවි... රාජ්‍ය ඇමැති කියපු බය හිතෙන කතාව

මෙරට ඉදිරියේ දැන් තිබෙන්නේ පුපුරා යෑමට ආසන්න භයංකාර “ඩෙල්ටා බෝම්බයක්” බවත් ජනතාව පරිස්සම්කාරී නොවූණහොත් එය කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

මෙම ඩෙල්ටා බෝම්බය ඉන්දියාවේ හා ඉන්දුනීසියාවේ පුපුරා ගිය බවද හෙතෙම සඳහන් කළේය.

එම බෝම්බයේ විනාශය අත්කර ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීරණය පවතින්නේ ජනතාව අත බවත් ජනතාව සංචරණ සීමා කර සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් එම බෝම්බය තමන්ගේ නිවෙස්වලටද පැමිණිය හැකි බවත් ඔහු අනතුරු ඇඟවූයේය.

කොවිඩ්වලින් මරණ වළක්වා ගැනීමට නම් වහාම කොවිඩ් මර්දන එන්නත ලබාගත යුතු හෙයින් ඒ සඳහා වහාම කටයුතු කරන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මහාචාර්ය ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

ළඟට එන කුමන හෝ එන්නතක් ලබා ගැනීම වැදගත් බවද ඔහු පැවසුවේය.

එන්නත් ලබා ගැනීමේදීද ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් එන්නත් පොකුරුද බිහිවීමට ඉඩ ඇති බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka