කොරෝනා මරණ ආණ්ඩුවේ ගණන් බොරු.. ඇත්ත මරණ ගණන අලුත් ආණ්ඩුවෙන් හෙලි කරනවා - චම්පික
අද වන විට මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ආණ්ඩුව ඉදිරිපත් කරන කොරෝනා මරණ සංඛ්‍යා ලේඛන පිළබද කිසිම විශ්වාසයක් නැති බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
රජයේ සංඛ්‍යාලේඛන පිළිබඳව විශ්වාසයක් නැතැයි වෛද්‍ය විශේෂඥයන් පවා ප්‍රකාශ කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
එම මරණ පිළිබඳ නිවැරදි සංඛ්‍යාලේඛන හෙළිදරව් කිරීම අනාගතයේ බිහිවන රජය වගකීමක් යැයි ද ඒ මහතා කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.
කොරෝනා මරණ ආණ්ඩුවේ ගණන් බොරු.. ඇත්ත මරණ ගණන අලුත් ආණ්ඩුවෙන් හෙලි කරනවා - චම්පික
2021-08-09T16:29:00+05:30
Gossip Lanka Hot News






