gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රෝහල් මෝචරි වල කොරෝනා මෘතදේහ ගොඩගැසී ඇති ගණන් මෙන්න

රෝහල් තුළ මියයන කොවිඩ් ආසාදිතයන්ගේ මෘතදේහ රෝහල් මෘතශරිරාගාර තුළ ගොඩ ගැසෙමින්
පවතින බව මේ වනවිට සෑම රෝහලකින්ම පාහේ වාර්තාවී තිබේ.

කොළඹ ජාතික රෝහල් මෘත ශරීරාගාරය
දෛනිකව කොවිඩි මෘතදේහ විස්සක පමණ සංඛ්‍යාවක් ගබඩා කිරීමට සිදුව ඇත.ආදාහනාගාරවලට කොවිඩ් ආසාදිත වී මියයන අයගේ මළ සිරුරු මෙන්ම වෙනත් හේතු නිසා මියයන අයගේ මළ සිරුරු ද රැගෙන එන නිසා දිනකට අදාහනය කිරීමේ සීමාව ඉක්මවා ගෙනයා නොහැකි නිසා ඇති වූ තදබදය හේතූවෙන් මෙසේ මළ සිරුරු එක්රැස් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දන්වා ඇත.

(උදා-බොරැල්ල කනත්තේ එක්දිනකදී ආදාහනය කළ හැක්කේ උපරිම මෘත දේහ 20 කි)

මහනුවර රෝහලේ මෘත ශරීරාගාරය
දෛනිකව දහයක් පමණ ගබඩා කෙරේ.

ගම්පහ රෝහල
කොවිඩ් මෘතදේහ විස්සක් පමණ ගොඩගැසී ඇත.

රාගම ශික්ෂණ රෝහල
පසුගිය 06 වැනිදා වන විට කොවිඩ් හේතුවෙන් මියගිය අයගේ මළසිරුරු 88 ක් රාගම රෝහලේ තිබී ඇත.
ඊයේ (09)රෝහල තුළ මෘත දේහ 20ක් පමණ ගොඩ ගැසී ඇත.

රාගම කොවිඩ් මරණ ආදාහනය කරන බටුවත්ත ආදහානාගාරය කැඩී තිබීමත්, වැලිසර කොවිඩ් මරණ ආදාහනය කරන ආදාහනාගාරයේ ලබන 10 වැනිදා තෙක් දින ලබා ගැනීමට නොහැකි වීමත් නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව වාරඒතා විය.

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරය
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ ද මළ සිරුරු 50ක් පමණ ගොඩ ගැසී තිබූ අතර, ඒවා ආදාහනය කිරිම ඊයේ (8 වැනිදා) ආරම්භ කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, වෛද්‍ය උදය රත්නායක මහතා පැවැසීය.

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන නිසා කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරා විවෘතව තැබීමට තීරණය කළ බවද ඔහු කීය.

කළුතර නාගොඩ රෝහලේ මෘතශරීරාගාරය
එක්රැස් වූ කොවිඩ් මෘතදේහයන් පසුගිය 06 වැනිදා රාත්‍රියේ ආදාහනාගාර 08කදී ආදාහනය කිරීමට පියවර ගෙන ඇත.

කළුබෝවිල රෝහල
කළුබෝවිල රෝහලේද ඉකුත්දා වැඩි වශයෙන් ගොඩ ගැසී තිබුණේ ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ සිදු කළ නිරීක්ෂණයකින් පසුව සදහන් කළේය. රෝහලේ ශීතාගාර 37න් 20ක්ම පිරී තිබුණේ කලක් තිස්සේ කොරෝනා නොවන හේතු නිසා මිය ගිය ඥාතීන් විසින් හදුනා නොගත් මෘත දේහ බවත් නීතිපතිවරයාට ඉල්ලීම් කර ඒවා ඉක්මණින් ආදාහනය කිරීමට අවශ්‍ය නීති කටයුතු කඩිනම් කරන බව ඔහු කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka