සහනාධාර වැඩසටහන් නවත්තන්න පටි තදකර ගන්න - මුදල් අමාත්‍යංශයෙන් රාජ්‍ය ආයතනවලට නියෝගයක්
මුදල් වැයකරන සහනාධාර හෝ සුබසාධන වැඩසටහන් අලුතින් ආරම්භ නොකරන ලෙස මුදල් අමාත්‍යංශය විසින් සියලු අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන වෙත නියෝග කර තිබෙනවා.
යම් නීතියක් මගින් සම්මත කරන ලද හෝ කැබිනට් අනුමැතිය ලබාදී ඇති සහනාධාර හැර වෙනත් කිසිදු සහනාධාරයක් හෝ සුභසාධන වැඩසටහනක් සඳහා මුදල් වැය වැය නොකළ යුතු බවයි භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දී තිබෙන්නේ. දැනට ක්‍රියාත්මක සහනාධාර වැඩසටහන් සඳහාද අලුතින් ප්‍රතිලාභීන් එකතු නොකරන ලෙසද දැනුම් දී තිබෙනවා.
මීට අමතරව දැනට ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදුකර නිසි අධීක්ෂණයකින් පසුව ප්‍රතිලාභ අත්‍යවශ්‍ය නොවන පුද්ගලයන් අදාල වැඩසටහන්වලින් ඉවත් කරන ලෙසද භාණ්ඩාගාර ලේකම්වරයා ලබා දී ඇති උපදෙස්වල අඩංගු වේ.
සහනාධාර වැඩසටහන් නවත්තන්න පටි තදකර ගන්න - මුදල් අමාත්‍යංශයෙන් රාජ්‍ය ආයතනවලට නියෝගයක්
2021-08-08T12:24:00+05:30
Gossip Lanka Hot News






