gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැබිනට් සාකච්ඡාවේ අගමැති යෝජනාව මාධ්‍යට ලීක් කළේ කවුද?

ඉකුත් සඳුදා පැවැති කැබිනට් රැස්වීම අතරතුර අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් කැබිනට් හමුව අවසන්වීමට ද පෙර මාධ්‍ය ආයතන කිහිපයක් කෙටි පණිවුඩ පුවතක් ලෙස පල කිරීම නිසා   කැබිනට් සාමාජිකයන් හා අගමැතිවරයා ඇතර හොඳ හිත පළුදුව ඇතැයි වාර්තා වේ.

රැස්වීම ආරම්භයේදී අගමැතිවරයා කොරෝනා අරමුදලට ඇමැතිවරුන්ගේ වැටුප පරිත්‍යාග කිරීමට යෝජනා කර ඇති අතර එය රැස්වීම අතරවාරයේ එහි සිටි අමාත්‍යවරුන්ගේ ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ පුවතක් ලෙස ලැබී තිබේ.

ජනාධිපතිවරයා දළදා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැරේ වතාවත්වලට සහභාගි වීම සඳහා මහනුවර බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් ඉකුත් කැබිනට් රැස්වීම පවත්වා තිබුණේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

මෙයද ඉකුත් කැබිනට් රැස්වීම් මෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා තිබිණි.

මේ සිද්ධියත් සමඟ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා “මේ පේනවනේ. අපි දැන් මෙතන සාමූහික වගකීම ගැන කතාකරනවා. මේ දැන් මෙතනම සාමූහික වගකීම කඩවෙලා…” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟ අග්‍රාමාතවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ට සිනහව පාලනය කර ගත නොහැකි වූ බවද වාර්තා වේ.

මන්ද, ඊට පෙර එහි සාකච්ඡාවට බදුන්ව ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරනු ලබන කැබිනට් අමාත්‍යවරු වන විමල් විරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේදී රට වැසීම සම්බන්ධයෙන් අදහස් නොදක්වා එළියට ගොස් රටවසන ලෙස ඉල්ලමින් සෙසු හවුල්කාර පක්ෂ නායකයින් සමඟ එක්ව ජනපතිවරයාට ලිපියක් එවීම සම්බන්ධවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka