gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බලු මැක්කන්ට දෙන බෙහෙත් කොරෝනාවට ගත්තොත් වෙන දේ - වෛද්‍ය සනත් හෙළිකරයි

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවන ඇතැම් අසත්‍ය පුවත් විශ්වාස කරමින් බල්ලන් සහ පූසන්ගේ සිරුරේ හටගන්නා මැක්කන් පාලනය හා උදරාබාධ සඳහා ලබාදෙන අයිවර්මෙක්ටින් (ivermectin) ඖෂධ කොවිඞ් වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයින් වෛද්‍ය උපදේශයකින් තොරව මෙරටවැසියන් පාවිච්චි කරමින් සිටින බව වාර්තා වේ.

මෙම ඖෂධ මිනිස් සිරුරට විෂ සහිත බවත්, ඉන් කොවිඞ් රෝගය උත්සන්න වීමේ අවදානමක් ද පවතින බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ අධිකාරිය පවසන බව ඉරිදා දිවයින වාර්තා කරයි.

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂිතවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පරපෝෂිත රෝග පාලනය සඳහා ලබාදෙන ඇතැම් ඖෂධ සතුන්ට පමණක් ලබාදීමට නිර්දේශ කර ඇති අතර ඒවා මිනිසුන්ට ලබාදීම සම්බන්ධව මෙතෙක් සායනික වශයෙන් තහවුරු කර නොමැති බව කියා සිටී.

එබැවින් එවැනි ඖෂධ මිනිසුන් ගත් විට සිරුරට විස සහිත වන බවද ඔහු පවසයි.
 
කාලි පැණි ප්‍රමෝට් කළ දෙරණ දැන් බලු බෙහෙත් විකුණනවද?

මේ අතර, කොරෝනා වෛරසය මර්දනය සඳහා ‘අයිවර්මෙක්ටින්’ නම් ඖෂධය සාර්ථක ප්‍රතිඵල දක්වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කරයි.
 
ඔහු පෙන්වා දෙන්නේ මෙය සතුන්ගේ උදරාබාධ සහ මැක්කන් මර්දනය සඳහා ලබාදෙන ඖෂධයක් වුවත් එමගින් වෛරසයන් මර්දනය කිරීමේ හැකියාවක් සහිත බවයි.
කොරෝනා ආසාදිතයන් සඳහා මෙම ඖෂධය ලබා දී දැනටමත් ලොව රටවල් කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇතැයිද ඒ මහතා කියා සිටී.

දෙරණ නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබිණි.

කෙසේවුවද, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැති කපු මහතා විසින් කොරෝනා මර්දනයට හඳුන්වා දී තිබූ "කාලි පැණිය" සඳහා විශාල ප්‍රචාරයක් ලබාදෙනු ලැබුවේද දෙරණ නාලිකාව විසිනි.

එම පැණියට සායනික පරීක්ෂාවලින් ශක්‍යතාව තහවුරු කිරීමට නොහැකිවීම නිසා ඒ සඳහා ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබාදී තිබූ තාවකාලික බලපත්‍රය ද මේ වන විට අහෝසිකර තිබේ.

ඒ සඳහා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් ලබාදීමට මුල්වූ හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද සිය සෞඛ්‍ය අමාත්‍ය ධූරය අහිමි විය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka