gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත් කිරීමේ සැළසුමක් !

ගිනිගැනීමට ලක්වීමෙන් අනතුරුව මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පවතින මෝසම් කාලගුණ තත්වය යහපත් වූ පසු එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා සැළසුමක් සකස් කරමින් සිටින බව සිංගප්පූරු  බලධාරීන් රජය වෙත දැනුම්දී තිබෙනවා. ඒ, නෙදර්ලන්තය සහ සිංගප්පූරුවේ නෞකා සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥයින්, නාවුක වාස්තු විශේෂඥයින් සහ සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥයින් පිරිසක් විසින්.

එම කටයුතු සිදුවන තෙක්  හානියට පත් නෞකාවේ  භාරකරුවන් ලෙස එහි හිමිකරුවන් වන රිසෝල්ව් මැරින් ආයතනය පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ වනවිට නෞකාව පවතින ස්ථානයේ ජලය මතුපිට දිළිසෙන තෙල් පැල්ලමක් දක්නට ලැබෙන අතර, රසායනික ද්‍රව්‍ය යොදා එම පැල්ලම ඉවත් කිරීම, එය ඉබේම ජලයේ දියවීමට ඉඩ හැරීමට වඩා ඉතා හානිකර විය හැකි බවට විශේෂඥයින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් ඩ්‍රෝන යානාවක් යොදා අදාළ ප්‍රදේශය අඛණ්ඩව අධීක්ෂණය කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

සිදුවූ හානියට වන්දි ලෙස රජය අතුරු ඉල්ලීම් දෙකක් සිදුකර ඇති අතර, අන්තර් ගෙවීමක් ලෙස රුපියල් මිලියන 720 ක මුදලක් ලැබී තිබෙනවා.

ඒ අතුරින් ධීවරයින්ට වන්දි ගෙවීම සඳහා වෙන් කෙරුණු රුපියල් මිලියන 420 ක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බලපෑම්වලට ලක්වූවන් අතර බෙදාහරිමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අදාළ නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරටට ලැබෙන වන්දි මුදලින් සියයට 70 කට නොඅඩු මුදලක් හානියට පත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සඳහා යොදවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

ඒ, මෙම පෙත්සම කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ සළකා බැලුනු අවස්ථාවේදියි.

පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජෙරන් ජෙගදීසන් විසින් ගොනුකර  ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, වරාය අධිකාරිය, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳ නැව් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, නීතිපතිවරයා ඇතුලු පිරිසක් නම් කර තිබෙනවා.

නෞකාව ගිනිගැනීමෙන් මෙරට සාගරයට ගණනය කළ නොහැකි හානියක් සිදුවී ඇති බවට පෙන්වා දෙන පෙත්සම්කරුවන්, සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

මේ අතර නෞකාවෙන් සිදුවූ විනාශය තක්සේරු කර කඩිනමින් වන්දි  ගෙවන ලෙස ඉල්ලා සමස්ත ලංකා පොදු ධීවර සංගමය ඊයේ හලාවතදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka