කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද එක්වූ ඇමති බන්දුලට කොවිඩ්!
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඔහු ඊයේ (27) ජනපති ඇතුළු ඉහළ පෙලේ නිළධාරීන් සහභාගිවූ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට ද සහභාගිවී සිටියේය.
අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදී අමාත්‍යවරයාටත් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
අමාත්‍යවරයාගේ සිය ෆේස්බුක් පිටුවේද මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබේ.
කොවිඩ් මර්ධන කමිටු රැස්වීමටද එක්වූ ඇමති බන්දුලට කොවිඩ්!
2021-08-28T02:06:00+05:30
Gossip Lanka Hot News






