gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වයස 30 ට අඩු 2 ක් සමග කොරෝනා මරණ 214ක්!

ඊයේ (27) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍212 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි.

මෙම මරණ 212ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 212න් 109 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 103දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 173 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තා‍වක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 37 දෙනෙක් අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka