gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේ දැවැන්ත ආයතන 115ක් මහ මුහුද වනසන හැටි විගණනය හෙළි කරයි

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන්  අවසර පත්‍ර ලබානොගෙන මහාපරිමාණ  ආයතන 115ක්  අපජලය මුහුදට  බැහැර කරණ බැව් ජාතික  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති   නවතම විගණන වාර්තාවක සඳහන් වේ. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්  2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට  ආයතන 315 මගින්  මුහුදට අප ජලය බැහැරකරණ බවට හඳුනාගෙන තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉන් ආයතන 115ක් අදාළ අවසර පත්‍ර ලබා නොගෙන  අපජලය මුහුදට බැහැරකරණ බවට නිරික්ෂණය වු බවද   විගණන වාර්තාව් සදහන් වේ.

තිරසාර ලෙස  සාගර සම්පත් කළමණාකරණය කිරිමෙන්  ආර්ථික හා සමාජිය ප්‍රථිලාභ අත්කරදිම  සමුද්‍රිය කළාප කළමණාකරණයේ  ප්‍රධාන අරමුණකි. එහෙත් අපජලය මුහුදට මුදාහැරිම සම්බන්ධයෙන්  හදුනාගෙන තිබු මුළු ආයතන සංඛ්‍යාවෙන්  සියයට 50ට වැඩි ප්‍රමාණයක්  නෛතික විධි විධාන අනුගමනය  නොකිරිම නිසා සමුද්‍ර දුෂණ වැළැක්විම මගින් අපේක්ෂිත තිරසාරභාවය අත්පත් වි නොමැති බව නිරික්ෂණය වු බවද විගණන කාර්යාලය පවසයි.

පනතේ විධිවිධාන අනුගමනය නොකරණ පාර්ශවයන් වෙත  2008 අංක 35 දරණ  සමුද්‍ර දුෂණ වැලැක්විමේ පනතේ 27 වැනි වගන්තිය ප්‍රකාරව   සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්   කටයුතු කර නොමැති බවද විගණන කාර්යාලය පවසයි. 

මේ නිසා  මුහුදු ජලයේ ගුණාත්මක භාවය, නියමිත ප්‍රමිතින්ට අනුකුල නොවිමත්   හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය අවදානමක්  ඇතිවිමක් සිදුවි ඇති බව  නිරික්ෂණය වු බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි. ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශය මගින් ශ්‍රි ලංකාවේ අපජල  කළමණාකරණයේ  කාර්යක්ෂමතාවය ඇගයිම  සදහා මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

-ලලිත් චාමින්ද


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka