රිමාන්ඩ් කළ පොලිසියේ CI වරුණිට යනෙන මං නැති කරයි... මෙන්න පොලිසිය රස්සාවට කළ දේ!
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ වගන්ති ප්‍රකාරව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින මාතර, කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුනි කේෂලා බෝගහවත්ත මහත්මියගේ වැඩ පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා විසින් මෙම වැඩ තහනම සිදු කර ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත මහත්මිය ඇතුළු පස්දෙනෙකු මුදල් විශුද්ධීකරණ පනත ප්‍රකාරව ඉකුත් 06 වනදා මාතර දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
මේ පුවත තව අයට බලන්න
රිමාන්ඩ් කළ පොලිසියේ CI වරුණිට යනෙන මං නැති කරයි... මෙන්න පොලිසිය රස්සාවට කළ දේ!
2026-11-09T08:53:00+05:30
Gossip Lanka Hot News





