සංඝරත්නයට වැසිකිළි වැහුව බල්තසාර් නෝනේ.. දැක්කා නේද දිට්ඨධම්මවේදනීය කර්මය.. මුළු කොළඹම යටවෙලා.. – බත්තරමුල්ලේ සීලරතන හිමි (Video)
කොළඹ නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව සහ එහි නගරාධිපතිනිය දැඩි ලෙස විවේචනය කරමින් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ප්‍රකාශයක් සිදුකර තිබේ.
කොළඹ නගරයේ කානු පද්ධති නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ ජලය බැස යාමට අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවට උන්වහන්සේ චෝදනා කරති.
විහාරමහාදේවි උද්‍යානයේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවක් සහ උපවාසයක් අතරතුර මහා සංඝරත්නයට වැසිකිළි පහසුකම් ලබාගැනීමට බාධා කළ බවද සීලරතන හිමියෝ සිහිපත් කළහ.
එම සිදුවීම සම්බන්ධයෙන් නගරාධිපතිනිය විවේචනය කළ උන්වහන්සේ, වර්තමානයේ කොළඹ නගරය ජලයෙන් යටවීම දිට්ඨධම්මවේදනීය කර්මයට සමාන කරමින් අදහස් පළ කළහ.
විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල පවා ජලයෙන් යටවූ බව සඳහන් කළ සීලරතන හිමියෝ, එවැනි තත්ත්වයක් ඇතිවීමට වගකිව යුත්තේ කවුරුන්දැයි ප්‍රශ්න කළහ.
"දැන් මුළු කොළඹම ගැලුවා. දැක්කා නේද දිට්ඨධම්මවේදනීය? දැන් කොළඹ හැම තැනම වතුර. කානු ටික සුද්ද කරන්නේ නැහැ" යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
වත්මන් පාලනයට සහාය ලබාදුන් පිරිස්ද විවේචනය කළ සීලරතන හිමියෝ, ඉදිරි මැතිවරණයකදී ජනතාව විසින් ඔවුන්ට නිසි ප්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි පැවසූහ.
මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීම හා සම්බන්ධ නව නීති සම්පාදන උත්සාහයන් පිළිබඳවද උන්වහන්සේ අදහස් පළ කළහ.
එවැනි නීති හරහා ස්වාධීනව අදහස් පළ කරන මාධ්‍යවේදීන්ට සහ වෙනත් පාර්ශ්වයන්ට බාධා එල්ල විය හැකි බවට අනතුරු ඇඟවූ සීලරතන හිමියෝ, අදාළ පනත් යෝජනා ඉවත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
සංඝරත්නයට වැසිකිළි වැහුව බල්තසාර් නෝනේ.. දැක්කා නේද දිට්ඨධම්මවේදනීය කර්මය.. මුළු කොළඹම යටවෙලා.. – බත්තරමුල්ලේ සීලරතන හිමි (Video)
2026-11-07T19:00:00+05:30
Gossip Lanka Hot News





