gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් දැඩි අර්බුදයක... රටේ ධජය ලෝකයට අරන් ගිය අපේ ගුවන් සේවයට වෙච්ච දේ!

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බටහිර ආසියානු කලාපයේ ඇතිවී තිබෙන අර්බුදය සහ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 35කට අධික වේ.

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය 93%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශයේ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ විදේශ විනිමය බලපෑම් මත 2026 – 2027 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආසන්න වශයෙන් වාර්තා කර ඇති මෙහෙයුම් අලාභය රුපියල් බිලියන 12.5කි.

මුදල් අමාත්‍යංශයේ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව 2026 – 2027 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බදු පෙර අලාභය රුපියල් බිලියන 35.6කි.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අඛණ්ඩව ව්‍යුහාත්මක මුල්‍ය සහ ද්‍රවශීලතා අභියෝග වලට මුහුණ දෙමින් සිටින බව සඳහන් කරයි.

මෙහෙයුම් හිඟය, ඉහළ ඉන්ධන සහ නඩත්තු පිරිවැය යන කරුණු හේතුවෙන් සිය මෙහෙයුම් සහ මුල්‍ය වගකීම් ඉටුකර ගැනීමට ප්‍රමාණවත් අභ්‍යන්තර මුදල් ප්‍රවාහයක් ජනනය කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඇති හැකියාව සීමා වී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව පවතින ඉහළ ණය බර ඊ⁣ට ප්‍රධාන හේතුවක් වන අතර අදූරදර්ශී තීන්දු තීරණ නිසා වසර ගණනාවක් පුරාවට පාඩු ලැබුවේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලැබු පාඩුව,

2012 – රුපියල් මිලියන 17,208

2013 – රුපියල් මිලියන 26,857

2014 – රුපියල් මිලියන 31,365

2015 – රුපියල් මිලියන 16,329

2016 – රුපියල් මිලියන 12,083

2017 – රුපියල් මිලියන 28,339

2018 – රුපියල් මිලියන 18,585

2019 – රුපියල් මිලියන 41,700

2020 – රුපියල් මිලියන 44,139

2021 – රුපියල් මිලියන 49,704

2022 – රුපියල් මිලියන 163,583

2023 – රුපියල් මිලියන 71,306
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka