gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

බන්ධනාගාරය වෙත රැගෙන යාමට පෙර සිය දියණියගෙන් සමුගනිමින්, දියණියගේ වැඳ නමස්කාර මැද ශෂී වීරවංශ සංවේදී ලෙස පිටත්ව ගිය මොහොත!

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද වසර දෙකක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (18) දින තහවුරු කර තිබේ. 

එම සිරදඬුවමට එරෙහිව ඇය විසින් ඉදිරිපත් කර තිබූ අභියාචන පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, එම අභියාචනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වහාම රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබීය. 

තවද, අදාළ වසර දෙකක සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇයව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝග නිකුත් කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka