සබීතා පෙරේරාගේ සමාගමක් බදු වාර්තා ලබාදී නෑ... උසාවියේදී වරද පිළිගනී... දඩ ගහයි
නියමිත දිනට එකතු කළ අගය මත බදු (VAT) වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට භාර නොදීමේ චෝදනාවට වරද පිළිගත්, ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය අධ්‍යක්ෂ ධුරයක් දරන පෞද්ගලික සමාගමකට රුපියල් 25,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 'ජයසිංහ ටුවර්ස් සහ ට්‍රාන්ස්පෝට් පුද්ගලික සමාගම' සහ එහි අධ්‍යක්ෂවරියක වන සබීතා පෙරේරා මහත්මිය වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා හමුවේ මෙම නඩුව පවරා තිබුණි.
2025 වසරේ ජූලි මාසයට අදාළ වැට් බදු ගෙවීම් සහ වාර්තා නියමිත කාලසීමාව තුළ භාර දී නොමැති බව අධිකරණයේදී අනාවරණය විය.
මෙම ක්‍රියාව එකතු කළ අගය මත බදු (VAT) පනතේ 21 (1) වගන්තිය උල්ලංඝනය කිරීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දැක්වීය.
වගඋත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ රංජන් කාරියවසම් මහතා පෙනී සිටි අතර, අදාළ සමාගමේ නියෝජිතයා අධිකරණය හමුවේ වරද පිළිගැනීමත් සමඟ රුපියල් 25,000ක දඩ මුදලක් නියම කෙරිණි.
වැට් බදු සඳහා ලියාපදිංචි වී ඇති ඕනෑම ව්‍යාපාරයක්, තමන් එකතු කළ බදු මුදල් මෙන්ම ඊට අදාළ ගිණුම් වාර්තා ද නියමිත දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
බදු මුදල් ගෙවා තිබුණද, ඊට අදාළ වාර්තා නියමිත දිනට භාර නොදීම නීතිය හමුවේ දඬුවම් ලැබිය හැකි වරදකි.
මේ පුවත තව අයට බලන්න
සබීතා පෙරේරාගේ සමාගමක් බදු වාර්තා ලබාදී නෑ... උසාවියේදී වරද පිළිගනී... දඩ ගහයි
2026-11-27T10:19:00+05:30
Gossip Lanka Hot News





