gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ ලක්ෂ 150ක් වටිනා වාහනය අතුරුදන් වෙලා!

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව, ජනාධිපතිවරයා ඇතුළු වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවගේ දැනගැනීම සඳහා මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළකර තිබේ.

අදාළ පනත ප්‍රකාරව, වර්තමාන රජය බලයට පත් වීමෙන් පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධියට පත් කළ දෙවැනි අවස්ථාව මෙයයි.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ මේ වසරේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය සහ පසුගිය වසරේ ප්‍රකාශය නිරීක්ෂණය කිරීමේදී විශාල වෙනස්කම් නිරීක්ෂණය කළ නොහැකි වුව ද යම් යම් වෙනස්කම් නිරීක්ෂණය කළ හැකිය.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ එකම අදායම් මාර්ගය ජනාධිපති වැටුප පමණක් බවයි. ඉන් ලැබෙන වාර්ෂික ආදයම සියලු දීමනා සමග රුපියල් තිස් ලක්ෂ අසූ එක්දහස් හයසිය විසිහතරකි.

ජනාධිපතිවරයාගේ බිරිඳ හෝ පුත්‍රයා මෙම කාලසීමාවට අදාළව කිසිඳු ආදායමක් උපයා නොමැති බවට එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

මෙම ප්‍රකාශය ලබා දෙන අවස්ථාව වන විට ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ අත ඇති මුදල රු. 5,000ක් වන මෙම සඳහන් වන අතර ඔහුගේ බැංකු ගිණුමේ ඇත්තේ රු. 2,500ක ශේෂයකි.

ජනාධිපතිවරයාගේ බිරිඳගේ බැංකු ගිණුමක රු. 321,888ක ශේෂයක් ඇති අතර, අත තිබූ මුදල රු. 35,000ක් ලෙස සඳහන් කර තිබේ.

පසුගිය වසරේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ ජනාධිපතිවරයාගේ බිරිඳට අයත් ඉඩම් කට්ටිය සහ නිවසේ වටිනාකම රු. මිලියන 40ක් ලෙස සඳහන් කර තිබූ අතර, නව වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් වන්නේ ඔප්පුවේ සඳහන් වටිනකාම බැවින් එම ඔප්පුවේ සඳහන් 2006 වසරේ දිනය අනුව මෙම දේපළෙහි වටිනාකම ලෙස සඳහන්ව ඇත්තේ රු. ලක්ෂ 5ක් ලෙසයි.

පසුගිය වසරේ ප්‍රකාශයට සාපේක්ෂව මෙම වසරේ ප්‍රකාශයේ සිදුව ඇති විශාලතම වෙනස්කම වන්නේ පසුගිය ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා සතුව තිබූ 2017 වර්ෂයේ මිලට ගත් රු. මිලියන 15ක වටිනාකමකින් යුත් ටොයෝටා හයිලක්ස් රථය නව වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්ව නොතිබීම යි.

එම රථය වෙනත් අයෙකුට අලෙවි කළේ ද, එසේත් නැතිනම් පැවරීමක් සිදු කළේ ද යන්න පැහැදිලි නැත.

ඒ සම්බන්ධයෙන් කිසිදු සඳහනක් මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සඳහන් නොවන අතර, ජනාධිපතිවරයාගේ ගිණුම්වල ද එවැනි ආකාරයේ විශාල මුදලක් ඇති බවට නිරීක්ෂණය නොවේ.

එමෙන්ම ජනාධිපතිවරයාගේ නමින් කිසිදු ණය මුදල් හෝ වෙනත් මුල්‍යමය වගකීම් කිසිවක් සඳහන්ව නොමැත.

(මුලාශ්‍රය – BBC සිංහල)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka