gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කතානායක විශ්වාස භංගයෙන් ආණ්ඩුව දෙකට බෙදෙයි!

කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉලක්ක කරගනිමින් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය අභ්‍යන්තරයේ  අර්බුදකාරී වාතාවරණයක් සහ පැහැදිලි බෙදීමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

අදාළ විශ්වාසභංග යෝජනාව සභා ගර්භය තුළ විවාදයට ලක් කළ යුතු බවට ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් තර්ක කරද්දී, ඊට ඉඩ නොදී යෝජනාව විවාදයට නොගත යුතු බවට තවත් පිරිසක් ස්ථාවරයක පසුවීම මෙම මතභේදය උත්සන්න වීමට ප්‍රධාන හේතුව වී තිබේ.

මේ අතර, විපක්ෂයෙන් එල්ල වන නොනවතින චෝදනා සහ විවේචන හමුවේ ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රබලයින් කථානායකවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් ලෙස පෙනී නොසිටීම සම්බන්ධයෙන් කථානායක පාර්ශ්වය තුළ කළකිරීමක් හටගෙන ඇත. 

ආණ්ඩුවේ මෙම උදාසීන පිළිවෙත පිළිබඳව කථානායක පාර්ශ්වය විසින් ආණ්ඩුවේ ඉහළ නායකත්වයට චෝදනාවක් එල්ල කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව, විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂය නගන වරප්‍රසාද ප්‍රශ්න බාර නොගැනීමේ තීරණය සම්බන්ධයෙන්ද ආණ්ඩුව තුළ මතගැටුමක් හටගෙන තිබේ. 

ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් පෙන්වා දෙන්නේ විපක්ෂය මතු කරන වරප්‍රසාද ප්‍රශ්න අතුරින් එකක් හෝ දෙකක් හෝ බාරගෙන ඊට මුහුණ දිය යුතු බවයි.

 එසේ නොකොට ඒවා සහමුලින්ම බැහැර කළහොත් විපක්ෂයෙන් එල්ල වන පාර්ලිමේන්තු හා දේශපාලන පීඩනය තවදුරටත් දැඩි වී, එය අවාසිදායක තත්ත්වයක් උදාකරනු ඇති බවට එම ඇමැතිවරු අනතුරු අඟවා ඇත.

මේ අතර, කථානායකවරයාට එරෙහිව භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට නොගෙන යටපත් කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීද අඛණ්ඩව දැඩි සටනක් ගෙන යාමට විපක්ෂයේ කණ්ඩායම තීරණය කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka