gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ට‍්‍රම්ප් පරාජයෙන් පසු තෙල් මිල විශාල ලෙස පහල බසී!

අමෙරිකා එක්සත් ජනපදයේ පැවති මැදවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ලැබූ දරුණු පසුබෑමට ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය සහ ඉහළ ගිය ඉන්ධන මිල හේතු වූ බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ප්‍රකාශ කිරීමත් සමඟ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල 9% කට ආසන්න ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් කඩා වැටී ඇත. 

Oilprice.com අනුව, ගෝලීය මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.94 කින් හෙවත් 8.6% කින් පහත වැටී ඩොලර් 94.66 ක් දක්වා පහත බසිද්දී, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.01 කින් (8.3% කින්) පහත වැටී ඩොලර් 88.08 ක් ලෙස සටහන් විය. 

සිකුරාදා වන විටද බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 118 සීමාවේ පැවති අතර, මෙම කඩාවැටීම සැප්තැම්බර් 04 වනදායින් පසු වාර්තා වූ අවම අගය ලෙස සටහන් වේ.

මැතිවරණ පරාජය පිළිබඳව 'ෆොක්ස් නිවුස්' නාලිකාව සමඟ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පසුබෑමට ප්‍රධානතම හේතුව රට තුළ ඉහළ ගිය පෙට්‍රල් සහ ඉන්ධන මිල බවයි. උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් 'X' පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පරාජයට සැබෑ හේතුව යුද්ධය බවත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඕනෑම සාකච්ඡාවක් එතැනින් ආරම්භ විය යුතු බවත්ය. මීට අමතරව, ඉරානයට පහරදීමේ ක්ෂණික සූදානමක් වොෂින්ටනය සතුව නොමැති බව ජනාධිපති ට්‍රම්ප් 'ෆිනෑන්ෂල් ටයිම්ස්' වෙත මීට පෙරද පවසා තිබිණි.

'BOK Financial' ආයතනයේ ඩෙනිස් කිස්ලර් පෙන්වා දෙන්නේ, මැදපෙරදිග තෙල් අපනයනය යළි ඉහළ යාම සහ ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ හේතුවෙන් බොරතෙල් මිල මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බවයි. විශේෂයෙන්ම කොංග්‍රස් මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතු වීමත් සමඟ කලාපයේ හමුදා මෙහෙයුම් සඳහා වැය කරන ඇමෙරිකානු ආරක්ෂක වියදම් සීමා වනු ඇති බවත්, එය කඩිනම් සාම සාකච්ඡාවකට මග පාදනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී. කෙසේ වෙතත්, සාමකාමී විසඳුමකට පෙර යළි ගැටුම් උත්සන්න වීමේ අවදානමක් පවතින බව 'Enverus' ආයතනයේ කාල් ලැරී අනතුරු අඟවයි.

මේ අතර, බලයට පත්වන්නේ කුමන පක්ෂය වුවද ඇමෙරිකාවේ සතුරු ආකල්ප වෙනස් නොවන බව ඉරාන උත්තරීතර නායක මොජ්තබා කමේනි ලිඛිත නිවේදනයක් මඟින් දන්වා ඇති අතර, හූති සටන්කාමීන් රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කළද සෞදි බලධාරීන් එය තහවුරු කර නොමැත. කටාර් රාජ්‍යයේ 'අල්-ජදීඩ්' පුවත් සේවය සඳහන් කළේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ අත්හිටවූ වත්කම් සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවල ප්‍රගතියක් ඇති බවයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka