gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වාහනය ඇතුළු වාහන 11ක් මහජන සේවයේ යොදවයි

මාතර විවිධ සේවා සමූපකාර සමිතිය ඇතුළු සමූපකාර සමිති ගණනාවක සිදුව ඇති රුපියල් කෝටි 3,000කට අධික මූල්‍ය වංචාවට අදාළව, මාතර මහාධිකරණයේ විභාග වන නඩු අංක HC/SPL/00193/2026 යටතේ තහනම් කරන ලද වාහන 12 න් 11ක් මහජන සේවයේ යෙදවීමට දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය පියවර ගෙන තිබේ.

පසුගිය නොවැම්බර් 10 වැනි දින මෙම නඩුව මාතර මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ (2026 අංක 16 දරන පනතින් සංශෝධිත) 8(2) වගන්තිය ප්‍රකාරව මහාධිකරණ විනිසුරුතුමා විසින් මෝටර් වාහන තහනම් නියෝග නිකුත් කර ඇත. එම පනතේ 11 වැනි වගන්තියට අනුව අදාළ වාහන සඳහා ප්‍රතිග්‍රහකයා (Receiver) ලෙස දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරයා පත් කර ඇති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේතුවේ කොමසාරිස් ජනරාල්වරයාද මේ පිළිබඳව දැනුවත් කර තිබේ.

මහාධිකරණ නියෝගය යටතේ කොමසාරිස්වරයා භාරයට පත්කර කොටවිල පොලිස් ස්ථානයේ ගාල් කර තිබූ මෙම වාහන 11, දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය විසින් දකුණු පළාත් සභාවට අයත් රජයේ ආයතනවලට සහ සමූපකාර සමිති කිහිපයකට බෙදා දී ඇත.

ඒ අනුව ජීප් රථයක්, කාර් රථ 04ක්, ලොරි රථ 04ක්, වෑන් රථ 02ක් මීට අමතරව, KDH වර්ගයේ තවත් වෑන් රථයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පවතින අතර, ඉදිරියේදී එම වෑන් රථයද මහජන සේවයේ යෙදවීමට නියමිත බව බලධාරීහු සඳහන් කළහ.

වාහනවල වටිනාකම අඩු නොවන ආකාරයටත්, නැවත පණ ගැන්වීමට නොහැකි තත්ත්වයක් උදා නොවන පරිදිත් එක් එක් මෝටර් රථය මසකට කිලෝමීටර් 3,000ක උපරිමයකට යටත්ව පමණක් ධාවනයේ යෙදවිය යුතු බවට මහාධිකරණය නියෝග කර ඇත.

තවද, අදාළ රථවල රක්ෂණ සහතික, දුම් පරීක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු සියලු නඩත්තු සහ සේවා කටයුතු දකුණු පළාත් සමූපකාර කොමසාරිස්වරිය විසින් සිදු කිරීමට වගබලා ගත යුතු බවද නියෝග කර තිබේ. වාහනවලට කිසිදු හානියක් නොවන ලෙස මහජන සේවයේ යොදවන ලෙසත් සෑම මාසනකම ධාවන සටහන් අධිකරණය වෙත ඉදිරිපත් කලයුතු බවත් වාහන භාරගත් නිලධාරීන්ට සමූපකාර කොමසාරිස්වරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැඩිදුර උපදෙස් ලබා දෙන ලදී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka