gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

එයාර් බස් ගනුදෙනුව... නාමල් ඇතුළු පිරිසට එරෙහිව අධිකරණයේ නඩු කටයුතු අවසන්!

එයාර් බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ නඩු කටයුතු අවසන් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (18) දින නිවේදනය කළේය.

එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා පැවසුවේ සිද්ධියට අදාළව මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වනවිටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර තිබෙන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ සිද්ධියට අදාළව මේ වනවිට අල්ලස් කොමිසම කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට අධි චෝදනා ගොනු කර ඇති බවයි.

සිද්ධියට අදාලව සැකකාර නාමල් රාජපක්ෂ මේ වනවිට මෙම කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝගයකට අනුව බන්ධනාගාර භාරයේ සිටින බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මියගොස් සිටින නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

තවද, නඩුවේ සෙසු සැකකරුවන් වන මේ වනවිට විදේශගතව සිටින ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන්න සැකකරුවන්ට මේ වනවිට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන බව විමර්ශන නිලදාරීන් සඳහන් කරයි.

මෙම නඩුකරයට අදාලව නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හෙට (19) දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka