නලින් බණ්ඩාර හා බිරිද නීති විරෝධීව ගෙන ආ ඩ්‍රෝන තොගයක් රේගු අත්අඩංගුවට..
නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ආ බව කියන නවීන පන්නයේ ඩ්‍රෝන යානා 42ක් සහ මයික්‍රෆෝන 16ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයේදී රේගු භාරයට ගෙන තිබේ.
මෙම උපකරණ තොගය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳ විසින් රැගෙන විත් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
පසුගිය 5 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් යළි දිවයිනට පැමිණ ප්‍රභූ පර්යන්තය ඔස්සේ පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී රේගු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් මලු දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ.
එම පරීක්ෂාවේදී, රේගුව වෙත නිසි පරිදි ප්‍රකාශයට පත් නොකරන ලද 'DJI Lito Mini 2' වර්ගයේ ඩ්‍රෝන යානා 42ක් සහ 'DJI Mic Mini 2' වර්ගයේ සන්නිවේදන මයික්‍රෆෝන 16ක් ඔවුන් සන්තකයේ තිබී හමුවී ඇති අතර, ඒ අනුව එම භාණ්ඩ තොගය වහාම ක්‍රියාත්මක වන පරිදි රේගු භාරයට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා රේගු ආඥා පනත මෙන්ම සිවිල් ගුවන් සේවා නීතිරීතිවලට අනුව, මෙරටට ඩ්‍රෝන යානා සහ විදුලි සංදේශ උපකරණ වාණිජ මට්ටමින් ආනයනය කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙතින් පූර්ව ලිඛිත අනුමැතිය සහ බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ.
nalin bandara drone case
නලින් බණ්ඩාර හා බිරිද නීති විරෝධීව ගෙන ආ ඩ්‍රෝන තොගයක් රේගු අත්අඩංගුවට..
2026-11-08T22:13:00+05:30
Gossip Lanka Hot News





