gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මාතර ඇඹුලට යාපනේ නගර සභා බුල්ඩෝසරය පරදී… ප්‍රාර්ථනා සුන්බුන් මත කුඩයක් යට යළි නැගිටියි

යාපනය නගර සභාව විසින් අනවසර ඉදිකිරීමක් බව ප්‍රකාශ කරමින් යාපනය නගරයේ පිහිටි මාතර ඇඹුල ආපනශාලාවේ කොටසක් පසුගියදා කඩා ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක්විය. කෙසේ වුවද එහි ව්‍යාපාරික කටයුතු නවතා නොමැති අතර වෙළඳසැල ඉදිරිපිට තාවකාලික කුඩයක් සවිකර බත් පාර්සල් අලෙවි කිරීමට ඊයේ කටයුතු කර තිබිණි.

එහි හිමිකරු වන මාතර මොරවක ඉසුරු ඉන්දීවර රණවක ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත්තේ මෙම අවාසනාවන්ත සිදුවීමත් සමග තමන්ට අහිමි වූයේ හුදු ගොඩනැගලිල්ලක් නොව මහන්සියෙන් ගොඩනගාගත් සිහින සමුදායක් බවයි.

කෙසේ වුවද ඒ සියල්ලට වඩා යාපනේදී තමන්ට හමු වූ ජාති ආගම් භේදවලින් තොර ආදරණීය දෙමළ ජනතාවගේ මනුෂ්‍යත්වය වටිනා බවද මේ දුෂ්කර අවස්ථාවේ පිහිට වූ ඔවුන්ට ස්තූති කරන බවද ප්‍රකාශ කරයි.

මේ ආකාරයට ගොඩනැඟිලි කඩා දමා ජනතාව අතර ඇති සමගිය ආදරය එකමුතුකම විනාශ කළ නොහැකි බවද මාතර ඇඹුල යාපනේදී නැවත ගොඩනඟන බවද ඉසුරු ඉන්දීවර රණවක අවධාරණය කරයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka
ad space
ad here

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka