gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය අහෝසි කරයි - භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමටත් පියවර!

පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමටත්, එම නිකාය යටතේ ලියාපදිංචි කර ඇති සාමණේර සහ උපසම්පදා භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමටත් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම සහ අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් උන්වහන්සේගේ නිකායික සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව මීට පෙර තීරණය කර තිබුණි.

නිකායේ විනය කමිටුව සහ කාරක සංඝ සභාව එක්ව සිදුකළ විනය පරීක්ෂණයකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka