ජනපති චීන සංචාරයේදී එකඟ වූ දැවැන්ත ව්‍යාපෘතියත් හඹක්?
හම්බන්තොට ඉදිකිරීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් (Sinopec) තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුව නිර්දේශ කර ඇති බවට පළවන වාර්තාත් සමඟ ශ්‍රී ලංකාවට අහිමි විය හැකි ආර්ථික අවස්ථා පිළිබඳ සංවාදයක් මතුව තිබේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ නම් එය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම විදේශ සෘජු ආයෝජනයයි.
එමෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිතව විශාල කර්මාන්ත හා අපනයන ආර්ථිකයක් ගොඩනැගීමට ද එය අවස්ථාවක් කරගත හැකිව තිබිණි.
එහෙත් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය සහ සිනොපෙක් සමාගම අතර බදු සහන, ඉඩම්, දේශීය ඉන්ධන වෙළෙඳපොළට පිවිසීම සහ වෙනත් වාණිජ කොන්දේසි පිළිබඳ එකඟතාවක් ඇති නොවීම නිසා එය දැන් නොකෙරෙන තැනට කරුණු සිද්ධවී ඇත.
කැබිනට් සාකච්ඡා කමිටුව වත්මන් ගිවිසුම අවසන් කර නව ආයෝජන යෝජනා කැඳවීමට නිර්දේශ කර ඇති බව වාර්තා වුවද, ඒ සම්බන්ධයෙන් අවසන් කැබිනට් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.
මෙහිදී මතුවන ප්‍රධාන ප්රශ්නය වන්නේ සිනොපෙක් සමාගම ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පමණක් නොවේ.
එය ආරක්ෂා කර ගැනීමට සිනොපෙක් සමාගමට ඇත්ත අවශ්‍යතාවයක් තිබුණේද යන්නයි
ආරංචි මාර්ග අනුව අදාළ සමාගම ලෝක ඉන්ධන අනාගතය අස්ථිර බැවින් මේ ආයෝජන මුදල් කෙටිකාලයකින් පියවා ගැනීමට නොහැකි නම් එයට ආයෝජනය කිරීම ප්‍රතිඵල විරහිත එකක් වනු ඇති බවට ස්ථාවරයක සිටි බවයි.
ඒ අනුව ඔවුන් සාකච්ඡාවලදී සිය ඉල්ලීම්වල අගය එලෙසම පවත්වාගෙනයාමේ තීන්දුවක සිටි බවද පැවසේ.
ජනපතිගේ චීන ගමන සාර්ථකද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජනවාරි මාසයේදී චීනයේ සිදුකළ රාජ්‍ය සංචාරය අතරතුර හම්බන්තොට තෙල් පිරිපහදු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟතාවක් ඇතිකරගෙන තිබිණි.
එම ව්‍යාපෘතිය සඳහා සිනොපෙක් සමාගම ඉදිරිපත් කළ ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7කි.
දිනකට බොරතෙල් බැරල් 200,000ක් පිරිපහදු කළ හැකි ධාරිතාවකින් යුත් මෙම පිරිපහදුවේ නිෂ්පාදනයෙන් වැඩි කොටසක් අපනයන වෙළෙඳපොළට යොමු කිරීම මූලික සැලසුම විය.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් පමණක් වන බැවින්, හම්බන්තොට ව්‍යාපෘතිය එරට පිරිපහදු කර්මාන්තයේ විශාල වෙනසක් ඇති කළ හැකි ආයෝජනයක් ලෙස සැලකුණි.
එහෙත් 2025 ජනවාරි මාසයේ එකඟතාව ඇතිවීමෙන් පසුවත් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක ගිවිසුම සහ වාණිජ කොන්දේසි අවසන් කරගැනීමට නොහැකි වී තිබේ.
2026 ජනවාරි මාසයේදී දේශීය වෙළෙඳපොළට අලෙවි කළ හැකි නිෂ්පාදන ප්‍රමාණය 20%කට සීමා කිරීම පිළිබඳ එකඟතාවක් ඇති වූ බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද, ඉතිරි ගැටලු විසඳී ව්‍යාපෘතිය ආරම්භ වී නොමැත.
ඉන්ධන කර්මාන්තයට තවත් දශකයකින් පසු කුමක් වෙයිද?
මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ලෝක බලශක්ති වෙළෙඳපොළේ සිදුවෙමින් පවතින වෙනස්කම්ය.
විදුලි වාහන, හයිඩ්රජන් ඉන්ධන සෛල තාක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය සහ බැටරි ගබඩා පද්ධති වේගයෙන් දියුණු වෙමින් පවතී.
එබැවින් අද ඉදිකරන දැවැන්ත තෙල් පිරිපහදුවක ආයෝජන මුදල ආපසු ලබාගැනීමට අවශ්‍ය දශක ගණනාවක කාලය තුළ ලෝක ඉන්ධන වෙළෙඳපොළ වෙනස් වීමේ අවදානම ද සැලකිල්ලට ගත යුතුය.
කෙසේ වෙතත්, ඉදිරි වසර දහය තුළ ලෝකය සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් භාවිතයෙන් ඉවත්වනු ඇතැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) 2025 තෙල් වෙළෙඳපොළ වාර්තාව අනුව, අවම වශයෙන් 2030 දක්වා තෙල් ඉල්ලුම, සැපයුම සහ පිරිපහදු නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එහෙත් එම කාලය තුළ විදුලි වාහන සහ විකල්ප බලශක්ති ප්රභවයන්ගේ වර්ධනය තෙල් කර්මාන්තයට බලපෑම් ඇති කළ හැකි බව ද පැහැදිලිය.
චීනයත් තෙල්වලින් ඔබ්බට බලශක්ති අනාගතය සොයයි
මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ යුතු රටක් වන්නේ චීනයයි.
සිනොපෙක් යනු ලෝකයේ ප්‍රධාන තෙල් පිරිපහදු සමාගමක් වුවද, එම සමාගමට අයත් චීන බලශක්ති ක්ෂේත්රය ද හයිඩ්රජන් ඇතුළු නව බලශක්ති තාක්ෂණයන් වෙත ආයෝජන පුළුල් කරමින් සිටී.
2025 අප්‍රේල් මාසයේදී සිනොපෙක් විසින් චීනයේ චොන්ග්චිං සිට කිංෂෝ වරාය දක්වා කිලෝමීටර් 1,150ක දුරක් ආවරණය කරන හයිඩ්රජන් ඉන්ධන භාවිත කරන බර වාහන ප්‍රවාහන මාර්ගයක් ආරම්භ කර තිබිණි.
එම මාර්ගය සඳහා හයිඩ්රජන් පිරවුම්හල් හතරක් ද ඉදිකර තිබේ.
එසේම 2025 ජූනි මාසයේදී චීනයේ Tianjin ප්‍රදේශයේදී හයිඩ්රජන් ඉන්ධන සෛල භාවිත කරන බර ට්‍රක් රථ 100ක පළමු කාණ්ඩය නිෂ්පාදනය කර වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ද හයිඩ්රජන් ඉන්ධන භාවිත කරන වාහන, කර්මාන්ත සහ නාවික ප්‍රවාහනය පුළුල් කිරීම සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටී.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ 2026 වාර්තාවට අනුව, ලෝකයේ හයිඩ්රජන් ඉන්ධන සෛල වාහන සංඛ්‍යාව 2025දී 130,000කට ආසන්න වී ඇති අතර, එම වර්ධනයට චීනයේ බර ට්‍රක් රථ අලෙවිය ද දායක වී තිබේ.
මෙම උදාහරණවලින් පැහැදිලි වන්නේ චීනය පවා සාම්ප්‍රදායික ඉන්ධන කර්මාන්තයට පමණක් අනාගතය සීමා නොකරන බවයි.
ආයෝජනයක් රැකගැනීමත් ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමත් දෙකම වැදගත්
ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ඕනෑම කොන්දේසියක් යටතේ විදේශ ආයෝජන ලබාගැනීම නොවේ.
එසේම, ආයෝජකයන් ඉදිරිපත් කරන සෑම ඉල්ලීමක්ම ප්‍රතික්ෂේප කරමින් විශාල ආයෝජන අවස්ථා රටෙන් පිටතට යාමට ඉඩහැරීම ද නොවේ.
සිනොපෙක් සමාගම ඉල්ලා ඇති බදු සහන, ඉඩම් සහ දේශීය ඉන්ධන වෙළෙඳපොළට පිවිසීම වැනි කරුණු සම්බන්ධයෙන් රජයට තමන්ගේම ප්‍රතිපත්තිමය සීමා තිබිය හැකිය.
එහෙත් එම සීමා ආයෝජකයන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර පැහැදිලි කර තිබුණේද යන්නත්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එම මූලික කොන්දේසි වෙනස් කිරීමට සිදුවූයේ ඇයිද යන්නත් විමසා බැලිය යුතුය.
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී ජාත්‍යන්තරව ප්‍රකාශයට පත්කළ දැවැන්ත ආයෝජන එකඟතාවක් අවසානයේ ක්‍රියාත්මක නොවන්නේ නම්, එය ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රතිරූපයට ඇති කළ හැකි බලපෑම ද නොසලකා හැරිය නොහැකිය.
ඩොලර් බිලියන 3.7ක මෙම ව්‍යාපෘතිය අහිමි වුවහොත් එය එක් සමාගමක් හෝ එක් රටක් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අහිමිවීමකට පමණක් සීමා නොවේ.
හම්බන්තොට කේන්ද්‍ර කරගත් කාර්මික සංවර්ධනය, අපනයන ආදායම, රැකියා, තාක්ෂණික දැනුම සහ අනුබද්ධ ව්‍යාපාරික අවස්ථා ද ප්‍රමාද වීමට හෝ වෙනත් රටකට ගලා යාමට ඉඩ තිබේ.
අනෙක් අතට, ලෝක බලශක්ති ක්ෂේත්රය වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින් වසර ගණනාවක් පුරා ආදායම් උපයාගත හැකිද යන්න නොසලකා දැවැන්ත තෙල් පිරිපහදුවක් ඉදිකිරීම ද අවදානම් සහගත තීරණයක් විය හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති සැබෑ අභියෝගය වන්නේ සිනොපෙක් ගිවිසුම අවසන් කරනවාද නැද්ද යන්න පමණක් නොවේ.
එම ආයෝජනයෙන් රටට ලැබිය හැකි ප්රතිලාභ ආරක්ෂා කරගනිමින්, වෙනස්වන ලෝක බලශක්ති වෙළෙඳපොළට ගැළපෙන දිගුකාලීන ආර්ථික සැලැස්මක් සකස් කරන්නේ කෙසේද යන්නයි.
- සංජක රත්මීවල
china oil refinery in sri lanka
ජනපති චීන සංචාරයේදී එකඟ වූ දැවැන්ත ව්‍යාපෘතියත් හඹක්?
2026-11-08T14:04:00+05:30
Gossip Lanka Hot News






