gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ඤාණසාර හිමි වෙනුවෙන් පීකර් බැන්ද අය අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ...

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්‍යානයේ පැවැති විරෝධතාවයේදී බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා එලෙස නියෝග කළේය.

මෙම සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අධිකරණය වෙත ඊයේ කරුණු වාර්තා කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින්, අධිකරණ නියෝග පවා නොසලකා හරිමින් විහාරමහාදේවි උද්‍යානයේ ස්වාමීන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් අඛණ්ඩව විරෝධතාවයේ යෙදී සිටිමින් නිත්‍යනුකූලව බලපත්‍රයක් ​නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිත කර තිබෙන බව අධිකරණය වෙත දන්වා සිටියේය.

ඊට අදාළව විමර්ශන ආරම්භ කර ඇතැයි ද කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් දන්වා සිටියේය.

ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට වැඩිදුරටත් නියම කළේය.

ඉෂාර රත්නකාර
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka