තඹුත්තේගම එළාරට සිංහලයන්ගෙන් පළිගන්න ඉඩ තියන්නේ නෑ…! – බලංගොඩ කස්සප හිමි..
රුවන්වැලි මහා සෑය අසල සිදුවූ ප්‍රහාරය සැලසුම් කළේ කවුද, ඒ සඳහා මුදල් ලබාදුන්නේ කවුද ඒ පිටුපස සිටි පාර්ශ්වයන් කවුද යන්න පිළිබඳව තමන් දන්නා බවත් සුදුසු අවස්ථාවේදී ඒ සියල්ල සාක්ෂි සහිතව හෙළි කරන බවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි පවසයි.
“එළාර එදා කිව්වා සිංහලයෙක් වෙලා හරි සිංහලයාගෙන් පළි ගන්නවා කියලා. ඉතින් මේ තඹුත්තේගම එළාර සූදානම් වෙන්නේ සිංහලයාගෙන් පළි ගන්න. ඒ පළිගැනීම සිද්ධ කරන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.
අපේ කටවල් වහන්න මේ මාංචු කූට්ටම් ශක්තිමත් මදියි. ඊට වඩා ලොකු මාංචු හදාගෙන, ලොකු චෝදනා හදාගෙන පොලිස් රාජ්‍යයක් බිහි කරන්න”
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුම්කාරී සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු අද (26) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලංගොඩ කස්සප හිමියන් මේ බව ප්‍රකාශ කළහ.
තඹුත්තේගම එළාරට සිංහලයන්ගෙන් පළිගන්න ඉඩ තියන්නේ නෑ…! – බලංගොඩ කස්සප හිමි..
2026-11-26T18:24:00+05:30
Gossip Lanka Hot News




