gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

දිනාගත් බලය ආපහු දෙන්නෑ.. ඉදිරියටත් අපිමයි..- ලාල් කාන්ත

ජනතාව විසින් අරගල කර දිනාගන්නා ලද දේශපාලන බලය කිසිදු හේතුවක් මත නැවත කිසිවෙකුටත් නොදෙන බවත්, ඉදිරි වසර කිහිපය ගෙවී ගිය පසුවද නැවත බලයට පත්වන්නේ තම රජයම බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වර්තමානය වන විට රටේ දේශපාලනය නව සංධිස්ථානයකට එළඹ ඇති බවයි. 

මෙතෙක් කලක් පැවති දේශපාලන බලය දිනාගැනීමේ අරගලය දැන් නිමාවට පත්ව ඇති බවත්, වර්තමානයේ පවතින සැබෑ අභියෝගය වන්නේ දිනාගත් බලය ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් වර්ධනය කර ඉදිරියට ගෙන යාම බවත් හෙතෙම සඳහන් කළේය.

"දැන් අපි ඉන්නේ දේශපාලන බලය දිනාගන්න ඕන කියන පියවරේ නෙවෙයි. දිනාගත් ඒ දේශපාලන බලය ආරක්ෂා කරගන්න ඕන. වැඩිදියුණු කරගන්න ඕන. අපි මේ බලය ආයේ දෙන්නේ නෑ. මේ කාලය ගෙවුණට පස්සෙත් අපිම තමයි නැවත බලයට එන්නේ," යැයි අමාත්‍යවරයා පැවසීය. එම යථාර්ථය මෙම සමුළුවට සහභාගී වී සිටින දැවැන්ත ජනකාය මඟින්ද තහවුරු වන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම දිනාගත් දේශපාලන බලය රැකගත යුත්තේ කාගෙන්දැයි ප්‍රශ්න කළ ලාල් කාන්ත මහතා, වැඩකරන පන්තිය පාවාදෙන ද්‍රෝහීන්ගෙන් මෙම බලය සුරක්ෂිත කරගැනීම සියලු දෙනාගේ වගකීම බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka