ඇමරිකා ඡන්දයෙන් පසු යුද්දයට ඉරානය ලෑස්තිවෙයි.. ‘සෙජ්ජිල්’ බැලස්ටික් මිසයිල එලියට අදී..
ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් අනතුරුව, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව යළිත් ඉරානය ඉලක්ක කරගනිමින් දැවැන්ත හමුදා ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි පළවන අනතුරු ඇඟවීම් මධ්‍යයේ, ටෙහෙරානය සතු ප්‍රබලතම මධ්‍යම දුර බැලස්ටික් මිසයිල පද්ධතියක් වන 'සෙජ්ජිල්' කෙරෙහි ජාත්‍යන්තර අවධානය යළිත් දැඩිව යොමුව තිබේ.
'අශුරා' නමින්ද හැඳින්වෙන මෙම 'සෙජ්ජිල්-2' මිසයිලය ඉරාන යුද බලඇණියේ සුවිශේෂීම අවියක් ලෙස සැලකේ. අදියර දෙකක ඝන ඉන්ධන එන්ජිමකින් බලගැන්වෙන මෙම මිසයිලය මහාමාර්ග ඔස්සේ ඕනෑම ස්ථානයකට ප්‍රවාහනය කර ක්ෂණිකව ප්‍රහාර එල්ල කළ හැකි ජංගම ප්‍රහාරක පද්ධතියකින් සමන්විතය. කිලෝමීටර් 2,000ක පමණ ඈත ඉලක්ක නිරවද්‍යව විනාශ කිරීමේ හැකියාව සතු මෙම මිසයිලයට කිලෝග්‍රෑම් 700ක බරින් යුත් ප්‍රබල යුද හිසක් රැගෙන යා හැකිය.
ද්‍රව ඉන්ධන මිසයිල මෙන් නොව, ඝන ඉන්ධන තාක්ෂණය භාවිත කිරීම හේතුවෙන් ප්‍රහාරයකට සූදානම් වීම සඳහා ගතවන කාලය අතිශය අවම වීම මෙහි ඇති ප්‍රධානතම උපායමාර්ගික වාසියයි. එමඟින් චන්ද්‍රිකා හෝ සතුරු රේඩාර් පද්ධතිවලට හසු නොවී, ක්ෂණිකව ස්ථානගත වෙමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට පූර්ණ නම්‍යශීලී බවක් ලැබේ. 2026 මාර්තු මාසයේදී ඉරානය ක්‍රියාත්මක කළ 'ටෲ ප්‍රොමිස් IV' යුද මෙහෙයුමේදී ඊශ්‍රායල ඉලක්ක වෙත මෙම මිසයිල මුල්වරට සාර්ථකව භාවිත කර ඇති බව වාර්තා වේ.
නව වටයකින් ගැටුම් ඇවිළීමේ අවදානම හමුවේ, කිසියම් හෝ පාර්ශ්වයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන ලෙසත්, එම ප්‍රතිප්‍රහාරය සඳහා කිසිදු භූගෝලීය සීමාවක් නොමැති බවටත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා මුජ්තබා කමේනි විසින් එරට සන්නද්ධ හමුදාවන්ට දැඩි නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව පර්සියානු බොක්ක, හෝමුස් සමුද්‍ර සන්ධිය, ඕමාන් බොක්ක ආශ්‍රිත වෙරළ තීරයන් මෙන්ම රටේ වයඹ සහ ගිනිකොනදිග දේශසීමා ඔස්සේද ඉරාන හමුදා උපරිම සීරුවෙන් තබා ඇත.
මේ අතර, ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම ඉඟි පළ කරමින් සිටියි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පසුගිය ඔක්තෝබර් 31 වන දින ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති ට්‍රම්ප් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති වුවද, අවශ්‍ය වුවහොත් හමුදා බලය යෙදවීමට පූර්ණ සූදානමින් පසුවන බවයි.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විසින් ඉරානයට එල්ල කළ හැකි හමුදා ප්‍රහාරක විකල්පයන් පිළිබඳව දැනටමත් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර, ඊශ්‍රායලයද ඉරානයට එරෙහි නව ප්‍රහාරක සහ ආරක්ෂක මෙහෙයුම් සඳහා වන සියලු සූදානම්වීම් අවසන් කර ඇතැයි විදෙස් බුද්ධි අංශ තහවුරු කරයි.
නොවැම්බර් 03 දින පැවැත්වෙන ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය අවසන් වීමෙන් පසුව වොෂින්ටනය මෙම යුදමය තීරණය ක්‍රියාත්මක කරනු ඇතැයි කලාපීය රටවල් දැඩි කනස්සල්ලෙන් පසුවෙයි. දීර්ඝකාලීන යුද ගැටුම් සහ ඒ හේතුවෙන් ඉහළ යන ගෝලීය බලශක්ති මිල හමුවේ ට්‍රම්ප් පරිපාලනයට සිය රට තුළින්ද දැඩි දේශපාලන පීඩනයක් එල්ල වී තිබේ. දැවැන්ත යුද සූදානමක් පැවතියද, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීම සඳහා කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර රහසිගත රාජ්‍ය තාන්ත්‍රික සබඳතාද අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී.
ඇමරිකා ඡන්දයෙන් පසු යුද්දයට ඉරානය ලෑස්තිවෙයි.. ‘සෙජ්ජිල්’ බැලස්ටික් මිසයිල එලියට අදී..
2026-11-03T07:13:00+05:30
Gossip Lanka Hot News





