gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ගුවන් විදුලි සංස්ථාවේ ආදායම ලක්‍ෂ 12යි... සභාපතිගේ වැටුප ලක්‍ෂ අටයි..

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මාසික ආදායම රුපියල් දොළොස් ලක්ෂ තිස් දෙදහසක් වැනි පහළ මට්ටමක පවතිද්දී, එහි සභාපතිවරයා වෙත රුපියල් ලක්ෂ අටකට ආසන්න මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ගෙවීම බරපතළ මූල්‍ය අර්බුදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ අනාවරණය කළේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිලධාරීන් පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පෙන්වා දුන්නේය.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ, සභාපතිවරයා වෙත විශ්වවිද්‍යාල ආචාර්ය වැටුප් පරිමාණ අනුව වැටුප් ගෙවන්නේද යන්න සහ ඔහුට මාසිකව ලැබෙන මුළු මුදල කොපමණද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල වැටුප් ක්‍රමවේදයට අනුව තමන්ගේ අතට මාසිකව රුපියල් 4,44,000ක මුදලක් ලැබෙන අතර, සියලු දීමනා සහ බදු සමඟ මුළු මුදල රුපියල් 6,68,000ක් (ලක්ෂ හයකට අධික) වන බවයි.

මෙහිදී කරුණු දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේ සඳහන් කළේය.

"මම සභාපතිතුමා එක්ක පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි මේ කතා කරන්නේ. එතුමා මහාචාර්යවරයෙක් හැටියට අපේ ගෞරවය තියෙනවා. හැබැයි ඉස්සර මේ සංස්ථාවේ හිටපු සභාපතිවරු ගත්තේ රුපියල් ලක්ෂයක විතර පඩියක්. දැන් මේ සංස්ථාව පවතින්නේ අතිශය දුෂ්කර මූල්‍ය අර්බුදයක. දෙසැම්බර් 31 වන විට සංස්ථාවේ ආදායම් වියදම් බැලුවම තියෙන්නේ රුපියල් 12,32,577ක වගේ ආදායමක්. එහෙම තියෙද්දී මාසෙකට ලක්ෂ හයක් හතක් සභාපතිවරයාට ගෙවන්න මේ ආයතනයට පුළුවන්ද?

අනෙක් පැත්තෙන් සේවකයන්ගේ බෝනස් කපලා, පැමිණීමේ දීමනාව විදියට දුන්න රුපියල් 1,250ත් කපලා සේවකයෝ දැඩි අසීරුතාවක ඉන්නේ. ආයතනය සල්ලි එකතු කරන්න සර්විස් එක වහන්න යනවා, වැඩිකාල අයින් කරන්න යනවා. මෙහෙම පාඩු ලබන ආයතනයක් මේ විදියට පවත්වාගෙන යන්න බෑ. එක්කෝ මේ වැටුප් ආණ්ඩුවෙන් ගෙවන්න ඕනේ."

මෙහිදී කාරක සභාවේ සිටි අනෙකුත් සාමාජිකයන් පෙන්වා දුන්නේ, ගුවන් විදුලි සංස්ථාවේ සුදුසු පුද්ගලයන් සුදුසු තනතුරුවල ස්ථානගත නොවීම, තරගකාරී පෞද්ගලික නාලිකා සමඟ තරග කිරීමට උපායමාර්ගික වැඩපිළිවෙළක් නොමැතිකම සහ ආයතනය දිගින් දිගටම රජයේ අරමුදල් මත යැපීම හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බවයි.

අනතුරුව කාරක සභාව හමුවේ සාක්ෂි දුන් නිලධාරීන් අනාවරණය කළේ, 2023 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රුපියල් මිලියන 646ක දැවැන්ත ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බවයි. 

මෙලෙස බරපතළ ලෙස පාඩු ලබන ආයතනයක ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් සිදු නොවුණහොත් ආයතනය තවදුරටත් පවත්වාගෙන යාම බරපතළ අර්බුදයක් බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka