gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

කෙහෙලියට එක පිට කරදර... අධිකරණයට අපහාස නඩුවකුත් වැටේ!

අධිකරණය නියම කළ වන්දි මුදල් රජය වෙත ගෙවීම පැහැර හරිමින් අධිකරණ නියෝගයක් කඩ කළ බවට චෝදනා කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.

ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගිය මාර්තු 27 වැනිදා නියෝගයක් නිකුත් කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න සහ එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන නිලධාරීන්ට රුපියල් මිලියන 50 බැගින්ද රජයට වන්දි වශයෙන් ගෙවන ලෙස නියම කළේය.

එහෙත් එම නියෝගය මෙතෙක් ක්‍රියාත්මක නොකර වගඋත්තරකරුවන් පැහැර හැර ඇති බවත්, එම ක්‍රියාව අධිකරණයට සිදුකළ සෘජු අපහාසයක් බවත් පෙත්සම්කාර ආයතනය පෙන්වා දෙයි.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය සහ 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන යටතේ අදාළ වගඋත්තරකරුවන්ට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka