gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පච්ච සම්බන්ධයෙන් නව නීතියක් ගෙන ආවේ ජනතාවගේ මතු ආරක්ෂාව වෙනුවෙන් - මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ

පච්චා (Tattoos) සම්බන්ධයෙන් රට තුළ නව නීතියක් පනවා ඇත්තේ ජනතාවගේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ පවසයි. නව පනතේ ඇතුළත් පච්චා සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. 

පෝර්ට් සිටි ප්‍රදේශයේදී අපරාධ කල්ලියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සොයා බැලීමේදී එම පිරිසගේ ශරීරවල තිබූ පච්චාවල විශේෂ සමානකමක් දක්නට ලැබුණු බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, මෙවැනි සිදුවීම් ඇති වීමට පෙර අවශ්‍ය නීති රාමුව සකස් කර තිබිය යුතු බව අවධාරණය කළාය. 

ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් මෙවැනි නීති පැනවීම කිසිසේත්ම වරදක් නොවන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka