gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

වැඩ කරගන්න රජයේ නිලධාරීන්ට රුපියලක්වත් දෙන්න එපා!

ජනතාවට අවශ්‍ය වැඩ කරගැනීම සඳහා කිසිදු දේශපාලඥයෙක්ට සහ රාජ්‍ය නිලධාරියෙක්ට කිසිදු මුදලක් ලබාදීමට අවශ්‍ය නැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත සඳහන් කරයි.

ජන හමුවක් අමතමින් අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත සඳහන් කළේ,

“දේශපාලඥයකුට මොකක්වත් දෙන්න එපා. රාජ්‍ය නිලධාරියෙකුට කිසිවක් ගෙවන්න ඕනෙත් නෑ. රාජ්‍ය නිලධාරීන්ට පඩි ගෙවනවා. පඩි මදිනම් පඩි වැඩි කරනවා. ගිය අයවැයෙන් පඩි වැඩි කරා. මේ අයවැයෙනුත් වැඩි කරනවා. ඊළග අයවැයෙනුත් වැඩි කරනවා.

අපි ඒක නවත්වන්න ඕන රටේ. නවත්වාගෙන යනවා. ටික ටික ටික. නමුත් අපි දන්නවා තාම තැන් තැන්වල වැඩේ කෙරෙන්නේ නැතුව පොඩ්ඩක් හිර කරලා තියාගන්නවා ෆයිල් එක යට ගහලා කීයක් හරි අරගෙනම වැඩේ කරන්න. කලාතුරකින් එහෙම ඒවා තාම තියෙනවා.

දේශපාලඥයන්ගේ නෙමෙයි නිලධාරින්ගේ තියෙනවා. සමහර අයගේ. ඒක තව ටික දවසක් යනකොට ටික ටික ටික ක්‍රමානුකූලව හරි යයි. එක්කනෙක් දෙන්නෙක් අල්ලලා දීලා අල්ලස් හෝ දූෂණ කොමිෂන් එකෙන්, ඒ වැඩත් යනකොට හරි යයි. ඒක තව අවුරුද්දක්, දෙකක් තුනක් යනකොට ඒක විසදාගන්න පුළුවන්.”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka