gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්ද කහදගම-දියණිය හා මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතර හඬපට එලියට!

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාට සහ ඔහුගේ දියණියට මරණ තර්ජන එල්ල කරමින් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් අනාවරණය වී ඇත.

අදාළ හඬපටයට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මුලින්ම මහින්ද කහඳගම මහතාගේ දියණිය අමතමින් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජන එල්ල කරන ආකාරය සටහන්ව තිබේ. එහිදී ඔහු පවසන්නේ, ඇයගේ පියා විසින් තමන්ගෙන් ලබාගත් ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 කට අදාළ මුදල් මාස තුනකින් ගෙවා නොමැති බවත්, මීට පෙර ද එවැනිම ගනුදෙනුවක හිඟ මුදල් පැහැර හැර ඇති බවත්ය.

මුදල් නොගෙවන්නේ නම් ඇයගේ පියාට වෙඩි තබන බවටත්, ඔවුන්ගේ වෙළෙඳසැලට පහරදී වෙඩි තබන බවටත් එම ජාවාරම්කරු එහිදී දැඩි ලෙස තර්ජනය කරයි.

අනතුරුව එම දුරකථන සංවාදයට එක්වන හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා, කලබල නොවන ලෙස අදාළ පුද්ගලයාගෙන් අයැද සිටින ආකාරය හඬපටයේ ඇසෙයි.

තමන් කිසිවෙකුට හෝ මුදල් වංචා කිරීමට උත්සාහ නොකරන බවත්, අදාළ හිඟ මුදල් පියවීම සඳහා ඉඩමක් කඩිනමින් විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු එහිදී පවසයි.

පසුගිය දිනක ද ගැනුම්කරුවන් පිරිසක් ඉඩම බැලීමට පැමිණි බව පවසන කහඳගම මහතා, අඩු මුදලකට හෝ එම ඉඩම විකුණා හැකි ඉක්මනින් මුදල් ලබාදීමට පියවර ගන්නා බවට ජාවාරම්කරු හමුවේ පොරොන්දු වන ආකාරය ද එම හඬපටයේ වැඩිදුරටත් ඇතුළත් වේ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත මහින්ද කහඳගම මහතා ඇතුළු දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් පසුබිමක මෙම හඬපටය ප්‍රසිද්ධියට පත්ව තිබේ.

එම හඬපටය පහතින්....


මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka