gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

‘වම් කිරීටක ධමනියේ සියයට 80ත් 90ත් අතර ප්‍රමාණයක් අවහිර වෙලාලු’ - දිලීප විරුද්ධ වෙද්දීත් ශිරන්ති ගෙදර ගියේ මෙහෙමයි

සිරිලිය සවිය සංවිධානයට අදාළ මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශිරන්ති රාජපක්ෂ ඊයේ (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කෙරිණි.

ඇයගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක මුදලක් අනීතික ලෙස සිරිලිය සවිය සංවිධානයට ලබාදීම සම්බන්ධයෙන් වන නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ ජාතික රෝහල විසින් ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ආවරණ ලිපියක් සහිතව එම වාර්තාව ඉදිරිපත් කර තිබූ බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. සැකකාරියට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවද වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබිණි.

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ ඇයගේ වම් කිරීටක ධමනියේ සියයට 80ත් 90ත් අතර ප්‍රමාණයක අවහිරතා පවතින බව වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බවයි.

ඇයගේ ධමනිවල පවතින බරපතළ රෝගී තත්ත්වය හේතුවෙන් කඩිනමින් බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවත්, ඇය අධිකරණයට ඉදිරිපත් කිරීම නුසුදුසු බව වෛද්‍යවරුන් දැනුම්දී ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය. එබැවින් ඇයගේ රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස සලකා ඇප ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊට විරෝධය පළකළේය. ශිරන්ති රාජපක්ෂ මේ වනවිට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සිටින අතර ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බව ඔහු පැවසීය.

වෛද්‍ය වාර්තාවේ ඇය ප්‍රවාහනය කිරීම නුසුදුසු බව සඳහන් වන බැවින් ඇප ලබාදුන්නද ඇයට නිවසට යෑමට නොහැකි බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වාදුන්නේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයකුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බව වෛද්‍ය වාර්තාවලින් පෙන්වා දී ඇත්නම් එය සුවිශේෂී කරුණක් ලෙස නොසලකා හැරිය නොහැකි බවයි.

සැකකාරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා දෙකක් අධිකරණයට ලැබී ඇති බවත්, ඇයගේ ධමනිවල රුධිර අවහිරතා පවතින බව වෛද්‍ය මණ්ඩලය පෙන්වා දී ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය. පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති නඩුවකදී ඇප ලබාදීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතු වුවද, එවැනි කරුණු තීරණය වන්නේ එක් එක් නඩුවේ තත්ත්වයන් අනුව බවද ඔහු පැවසීය.

ඒ අනුව, ශිරන්ති රාජපක්ෂගේ රෝගී තත්ත්වය සුවිශේෂී කරුණක් ලෙස පිළිගත් මහේස්ත්‍රාත්වරයා ඇය රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

එමෙන්ම, ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka