“ශිරන්ති රාජපක්ෂ පොහොට්ටුවේ සාමාජිකාවක් නෙවෙයි” – සාගර කාරියවසම් කියයි
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකාවක් නොවුණත් පක්ෂ නායකයාවන මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ලෙස ගෞරවයට පාත්‍ර වන තැනැත්තියක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
අධිකරණයේ පවතින නඩු සඳහා මැදිහත්වීමක් සිදු කරන්න අදහස් කිරීමක් කරන්නේ නැති බවද ඔහු සඳහන් කළේය.
එහිදී සාගර කාරියවසම් මහතා තවදුරටත් මෙසේ පැවසීය,
"ශිරන්ති රාජපක්ෂ මැතිණියට විරුද්ධව ඊයේ දිනයේ අපි දැක්කා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් නිවසට පැමිණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා.
මෙහි පළවෙනි දේ තමයි ශිරන්ති රාජපක්ෂ මැතිණියට අධිකරණයට... පොලීසියට එන්න කියලා දැනුම්දීම් දීලා තිබුණා පසුගිය මාසේ 24වැනිදා, ඒ වන විට ඇය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් විදේශගත වෙමින් සිටින අවස්ථාවක ඒ නොතීසි ලබාදුන්නේ. ඒ අවස්ථාවේ ඇය කිව්වා සති දෙකකින් නැවත ලංකාවට එනවා, ආවාට පස්සේ දිනයක් ලබාදෙන්න, ලබාදෙන දිනයේදී ඇය පොලීසියට ඇවිල්ලා ඒ අවශ්‍ය විමර්ශනවලට සහාය දෙන්න සූදානම් කියන කාරණය.
ඒ අනුව ඇය ලංකාවට පැමිණියාට පසු දැනුවත් කරා පොලීසියට අපිට දිනයක් ලබාදෙන්න කියලා. මේ තත්ත්වය තියෙද්දී, පොලීසියෙන් දිනයක් ලබාදීමකින් තොරව, හිටිහැටියේ කිසිදු දැනුම්දීමක් නොකර, රටින් පැනලා යන්න හදන වංචනිකයෙක්, හොරෙක් අල්ලන්න යනවා වගේ උදේ පාන්දර ශිරන්ති රාජපක්ෂ මැතිණිය පදිංචි වෙලා හිටපු නුගේගොඩ නිවසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ගියා. ගිහිල්ලා එහිදී අත්අඩංගුවට ගැනීමක් කරා. එතුමියට එන්න කියලා දැනුම්දීමක් කරා නම් එතුමිය අනිවාර්යයෙන් යනවා, ගෙදරට ඇවිල්ලා අත්අඩංගුවට ගන්න කිසිම අවශ්‍යතාවයක් මම නම් දකින්නේ නැහැ.
ඒ වගේම මේ කාරණය 'සිරිලිය සවිය' කියන සමාජ සත්කාරක ආයතනය සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයක්. එහිදී ඔබට කියන්න ඕනේ මේ 'සිරිලිය සවිය' කියන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරපු සංවිධානයක්. එය 1986 අංක 08 දරණ පනතින් ලියාපදිංචි කිරීම සහ සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණ පනත යටතේ ලියාපදිංචි කරපු සංවිධානයක්, 2006 වසරේදී. මේ රටේ කාන්තාවන් වෙනුවෙන් සහ කුඩා දරුවන් වෙනුවෙන්, ඔවුන් කුඩා දරුවන්ගේ අධ්‍යාපනය, ඒ වගේම කුඩා දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සහන ලබාදුන්නු, මේ රට තුළ ඒ තුළින් සහන ගත්ත විශාල පිරිසක් සිටින ආයතනයක්."
“ශිරන්ති රාජපක්ෂ පොහොට්ටුවේ සාමාජිකාවක් නෙවෙයි” – සාගර කාරියවසම් කියයි
2026-10-09T07:07:00+05:30
Gossip Lanka Hot News





