gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

නොවැ 19 දළදා මාළිගාව ලේ විලක් වන බවට බොරු පැතිරූ ඉබ්බාගමුවේ මතීෂ අත්අඩංගුවට!

එළඹෙන නොවැම්බර් 19 වැනිදා ශ්‍රී දළදා මාලිගාව, ජය ශ්‍රී මහා බෝධිය සහ ථූපාරාමය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ පූජනීය ස්ථාන රැසකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවටත් ලේ විලක් වන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තොරතුරු සම්බන්ධයෙන් වහාම රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරුන් දැනුවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

මෙම බරපතළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අනාවරණය කරගෙන දින දහයක් ගත වී ඇතත්, ඒ සම්බන්ධයෙන් ඉහළ බුද්ධි නිලධාරීන් දැනුවත් කර ඇති බවක් අධිකරණයට අනාවරණය නොවීම පිළිබඳව මෙහිදී දැඩි අවධානය යොමු විය. යම් තොරතුරක් ලැබුණු පසු ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවීමෙන් අතීතයේදී රටක් ලෙස මුහුණ දීමට සිදුවූ ඛේදනීය ප්‍රතිවිපාක සිහිපත් කළ මහේස්ත්‍රාත්වරයා, බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කරගනිමින් පළ වන මෙවැනි තොරතුරු කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි බව අවධාරණය කළේය. ඒ අනුව අදාළ කරුණු රාජ්‍ය බුද්ධි අංශයට ලිඛිතව දන්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසට රහස් පොලිසියට වැඩිදුරටත් නියෝග කෙරිණි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ වී ඇත්තේ දඹුල්ල විහාරයේ විහාරාධිපති ආචාර්ය ධානියගම ආනන්ද හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. 2026 නොවැම්බර් 19 වැනිදා දළදා මාලිගාව ඇතුළු පූජනීය ස්ථානවලට ප්‍රහාර එල්ල කරන බවටත්, සමස්ත ලෝකයෙන්ම බුදුදහම අතුගා දමන බවටත් දැක්වෙන ද්වේෂ සහගත ප්‍රකාශ සහ බුදුරජාණන් වහන්සේගේ විකෘති කළ ඡායාරූප වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සංසරණය කර තිබීම මෙම විමර්ශනයට පාදක වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඒ.එම්. අමෝද්‍ය මතීශ නැමැත්තා පසුගිය පළමුවැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ඔහුට සහාය දක්වමින් අදාළ වට්ස්ඇප් සමූහයට විකෘති කළ ඡායාරූප යොමු කළ බව කියන බාලවයස්කාර තරුණයකු ද ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, විමර්ශන නිලධාරීන් විසින් අදාළ සමාජ මාධ්‍ය සටහන්වල ඡායාරූප ද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ බාලවයස්කාර සැකකරු ලබන 16 වැනිදා දක්වා පරිවාස භාරයට පත් කිරීමට නියෝග කළ අතර එදිනට සිද්ධියට අදාළ වාර්තාවක් කැඳවීමට ද නියම කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka