gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ලිබියානු පාතාල කල්ලියක් ලාංකිකයෙකු පැහැර ගනී... මුදා හරින්න ලොකු කප්පමක් ඉල්ලයි

විදෙස්ගත සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් පැහැරගත් ශ්‍රී ලාංකිකයකු මුදාහැරීම සඳහා යුරෝ 15000ක කප්පම් මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත (21) දැනුම් දුන්නේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම් ජාවාරම් විමර්ශන අංශයේ නිලධාරීහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම හමුවේ කරුණු වාර්තා කරමින් එලෙස දැනුම් දුන්හ.

ශ්‍රී ලාංකිකයකු ඉතාලියට විදේශ ගත කරන බව පවසා අසර්බයිජානය වෙත රැගෙන ගොස් ඇතැයි දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එලෙස රැගෙන ගිය පුද්ගලයා ලිබියාව හෝ වෙනත් රටක ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක පැහැර ගැනීමට ලක්ව ඇතැයි ද ඔවුහු දන්වා සිටියහ.

අදාළ ශ්‍රී ලාංකික පුද්ගලයා එම සංවිධානාත්මක අපරාධ කල්ලියේ විවිධ හිංසනයන්ට ලක්වීම සහ නැවත මුදාහැරීම සඳහා යුරෝ 15,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපා්තමේන්තුවේ නිලධාරීහු දන්වා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

- ඉෂාර රත්නකාර
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka