පොලිස් පරීක්ෂක වරුණිට මෝටර් රථය දුන්නයි කියන සමූපකාර චමින්දගේ නිතිඥාගේ මෝටර් රථයත් CID අත්අඩංගුවට!
රුපියල් කෝටි 3000කට අධික මාතර සමුපකාර සහ ග්රාමීය බැංකු අරමුදල් මහා පරිමාණයෙන් වංචා කිරීමේ චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මාතර සමුපකාර සමිති සංගමයේ සහ මාතර ග්රාමීය බැංකු සංගමයේ හිටපු සභාපති චමින්ද ගුණසේකර නැමැත්තාගේ අක්රමිකතාවලට නීතිමය ආවරණය සහ රැකවරණය ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති නීතිඥ චන්දන ගොඩවත්ත නැමැත්තා පරිහරණය කළ සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දේපාර්තුමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සුඛෝපභෝගී මෝටර් රථයද අහිංසක තැන්පත්කරුවන්ගේ සහ සමුපකාර සාමාජිකයන්ගේ මුදල් වංචා කර මිලදී ගෙන ඇති බවට විමර්ශන කණ්ඩායම් දැඩි ලෙස සැක පළ කරයි.
මෙම විමර්ශනවලදී හෙළිදරව් වෙමින් පවතින වඩාත් සංවේදී සහ කම්පනකාරී කරුණ වන්නේ, සභාපතිවරයා ඇතුළු පිරිස සමුපකාර අරමුදල් තමන්ගේ බුදලයක් මෙන් භාවිතා කරමින් තමන්ට හිතවත් සහ නීතිමය රැකවරණ ලබා දුන් සමීපතමයන් වෙත අසීමිත ලෙස වරප්රසාද, සුඛෝපභෝගී දේ සහ මුදල් බෙදා දී ඇති ආකාරයයි.
අහිංසක ග්රාමීය ජනතාවගේ, සහ විශ්රාමිකයන් තමන්ගේ ජීවිත කාලය පුරාම දුක් මහන්සියෙන් හම්බකර ග්රාමීය බැංකුවල සහ සමුපකාරයේ තැන්පත් කළ කෝටි ගණනක මුදල් මෙලෙස හිතමිතුරන්ගේ සැපපහසුව වෙනුවෙන් අවභාවිත කර තිබීම කණගාටුවට කරුණයි.
මෙම දැවැන්ත මූල්ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන සහ නීතිය ක්රියාත්මක කිරීමට උත්සාහ දරන අවංක රාජ්ය නිලධාරීන්ට මෙන්ම නීතිඥ රාජකාරි කරන නිලධාරීන්ට ද මෙම අපරාධකරුවන්ගෙන් සහ ඔවුන්ගේ බලපෑම්කාරී පාර්ශ්වයන්ගෙන් දැඩි තර්ජනාත්මක හිසරදයක් එල්ල වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මේ පුවත තව අයට බලන්න
පොලිස් පරීක්ෂක වරුණිට මෝටර් රථය දුන්නයි කියන සමූපකාර චමින්දගේ නිතිඥාගේ මෝටර් රථයත් CID අත්අඩංගුවට!
2026-10-20T08:04:00+05:30
Gossip Lanka Hot News





