“තාත්තාගේ වචන” බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්රකාශයක්!
ඕනෑම දුෂ්කර සමයකට ධෛර්යයෙන් මුහුණ දීමට තමා සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
තම පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවූ ලිපියේ සඳහන් වචන වලට අද වනවිට වඩාත් ගැඹුරු අර්ථයක් එක්වී ඇති බවද මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
සිය සමාජ මාධ්ය ගිණුමේ සටහනක් තබමින් මන්ත්රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“ඕනෑම දුෂ්කර සමයකට ධෛර්යයෙන් මුහුණ දීමටත්, සාධාරණත්වය කෙරෙහි නිරන්තරව හෘද සාක්ෂිය මූලික කොටගෙන විශ්වාසය තැබීමටත්, දුෂ්කර කාලසීමාවන්හිදී මා විසින් රැකි ප්රතිපත්ති සහ ධර්මතාවන් නොවෙනස්ව පවත්වා ගැනීමටත් මම උගත්තෙමි.
මගේ පියා විසින් ඔහුගේ ලිපියෙන් සිහිපත් කළ පරිදි, අද වන විට ඒ වචන වලට වඩාත් ගැඹුරු අර්ථයක් එක් කිරීමට සමත් වී ඇතැයි මම විශ්වාස කරමි. එබැවින් ශක්තිමත්ව, සත්යය කෙරෙහි විශ්වාසයෙන් ඉදිරියට යමි.”
මේ පුවත තව අයට බලන්න
“තාත්තාගේ වචන” බන්ධනාගාරයේ සිටින නාමල්ගෙන් ප්රකාශයක්!
2026-10-24T07:46:00+05:30
Gossip Lanka Hot News





