gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පිහි දෙකක් ගත් තරුණයා ජවිපෙ යැයි කියූ කස්සප හිමිට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණෙන් පොලිසියට පැමිණිල්ලක්!

පසුගියදා විහාරමහදේවි උද්‍යානය අසල උපවාසයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේලා කිහිප නමක් විසින් පිහි දෙකක් සමග අල්ලා ගත් පුද්ගලයා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට සම්බන්ධ බවට බලංගොඩ කස්සප හිමි විසින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ජවිපෙ විසින් ඊයේ  (23) දින කරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

CIB II 289/237 යන අංකය යටතේ කුරුඳුවත්ත පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ කස්සප හිමි විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසයි.

එම අසත්‍ය ප්‍රකාශය ප්‍රචාරය මගින් මහජන කැළඹීම් ඇති කිරීමට උත්සාහ දරා ඇති බවට පෙනී යන බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් පැලවත්ත කාර්යාලය ජනාධිපතිවරයා යන එන කාර්යාලයක් වන අතර එම ස්ථානයේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවීම සහ අදාළ පුද්ගලයා කිසිදු ආකාරයකින් පැලවත්ත ජවිපෙ කාර්යාලයට සම්බන්ධයක් නොමැති වීම යන කාරණා විමර්ශනයට භාජනය කොට සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස මෙම පැමිණිල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටිනවා.

මෙයට අදාල වීඩියෝ පට සහ Facebook සටහන් පොලිසිය වෙත මේ වන විටත් බාරදී තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka