නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසින් සේප්පුවක් අල්ලස් කොමිසම භාරයට! - මධ්යම රාත්රියේ පැය හයක විශේෂ සෝදිසි මෙහෙයුමක්!
වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන, මේ සංජේ සමරසිංහගේ ගල්කිස්ස ප්රදේශයේ පිහිටි නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ලැබී ඇති තොරතුරු අනුව, ඔක්තෝබර් 16 වැනිදා රාත්රී 10.30ට පමණ ආරම්භ වූ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ඊයේ (17) අලුයම 4.30 පමණ වන තෙක් පැය හයකට ආසන්න කාලයක් ක්රියාත්මක වී තිබේ.
මෙම මෙහෙයුම සඳහා අල්ලස් කොමිසමේ නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කටයුතු කර ඇති බවද සඳහන් වේ.
සේප්පුව ඇතුළේ මොනවාද? රටම බලා සිටින ප්රශ්නය එයයි!
මෙම සිදුවීමේ වඩාත් වැදගත් කාරණය වන්නේ සේප්පුවක් සොයාගැනීම පමණක් නොව, එම සේප්පුවේ ඇතුලත තිබුනේ කුමක්ද යන්නයි
එම සේප්පුව තුළ මුදල්, ලේඛන හෝ වෙනත් සාක්ෂි තිබේද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත.
එහෙත් මෙවැනි විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට හේතු වූ කරුණු, සේප්පුව පරීක්ෂා කිරීමේ ප්රතිඵල සහ එමගින් අනාවරණය වන තොරතුරු පිළිබඳ මහජනතාවට දැනගැනීමට සාධාරණ උනන්දුවක් පවතී.
නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ධුරය පිළිබඳ කතා කිරීමේදී අතීතයේ පැවති සමීප මිත්රත්වයක් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.
නාමල් රාජපක්ෂ මහතාගේ දීර්ඝකාලීන සමීපතම මිතුරෙකු ලෙස සැලකුණු හිරාන්, කලක් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බව සඳහන් වේ. එය හුදෙක් දේශපාලනඥයකු සහ ඔහුගේ ලේකම්වරයකු අතර පැවති රාජකාරිමය සබඳතාවකට පමණක් සීමා නොවූ, වසර ගණනාවක් පුරා ගොඩනැගුණු පෞද්ගලික මිත්රත්වයක්ද විය.
එහෙත් හිරාන්ගේ පෞද්ගලික ජීවිතයට නාමල් රාජපක්ෂ සම්බන්ධ වූ එක්තරා සිදුවීමකින් අනතුරුව, එතෙක් වසර ගණනාවක් පැවති එම සමීප මිත්රත්වය බිඳවැටුණු බව පැවසේ. එහි ප්රතිඵලයක් ලෙස හිරාන්, නාමල් රාජපක්ෂ මහතාගේ සමීප ඇසුරෙන් මෙන්ම ඔහු සමඟ පැවති රාජකාරිමය සබඳතාවෙන්ද ඉවත් වූ බව සඳහන් වේ.
ඒ අනුව, හිරාන්ගේ ඉවත්වීමෙන් පසුව නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ධුරයට සංජේ සමරසිංහ පත්වූ බව පැවසේ.
කලක් පැරණි මිත්රත්වයක් මත ගොඩනැගුණු එම සමීප තනතුර, පසුව සංජේ සමරසිංහ වෙත හිමිවීමත් සමඟ නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම කාර්ය මණ්ඩලයේ නව පරිච්ඡේදයක් ආරම්භ විය.
කෙසේ හෝ වේවා දැන් අවශ්ය වන්නේ දේශපාලන චෝදනා හෝ මාධ්ය සංදර්ශන නොව, නිශ්චිත සාක්ෂි මත පදනම් වූ ස්වාධීන විමර්ශනයකි.
දේශපාලන බලය කෙතරම් ප්රබල වුවත්, නීතියේ හස්තය එම බලයට යටත් නොවිය යුතුය. එසේම සාක්ෂි නොමැතිව කිසිවකු වරදකරුවකු කිරීමද යුක්තිය නොවේ.
මෙරට දේශපාලන ඉතිහාසය පුරාම විශාල ආන්දෝලනයක් ඇති කළ විමර්ශන රැසක් පිළිබඳ ජනතාව අසා තිබේ.
නමුත් ජනතාවගේ විශ්වාසය දිනාගත හැක්කේ සෝදිසි මෙහෙයුම් පිළිබඳ ප්රවෘත්ති පළවීමෙන් පමණක් නොවේ.
එම විමර්ශන නිසි පරිදි අවසන් කිරීමෙන්, සාක්ෂි තිබේ නම් නීත්යනුකූල පියවර ගැනීමෙන් සහ අධිකරණය ඉදිරියේ එම සාක්ෂි තහවුරු කිරීමෙන් පමණි.
සංජේ සමරසිංහගේ නිවසින් භාරයට ගත් බව වාර්තා වන සේප්පුව සම්බන්ධයෙන් වැදගත් වන්නේ සේප්පුවේ ප්රමාණය හෝ එහි හිමිකරුගේ දේශපාලන සබඳතා නොවේ.එහි ඇතුලත තිබූ දේ සම්බන්දයෙනි.
සම්පත් දිල්ලිමුණි
මේ පුවත තව අයට බලන්න
නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසින් සේප්පුවක් අල්ලස් කොමිසම භාරයට! - මධ්යම රාත්රියේ පැය හයක විශේෂ සෝදිසි මෙහෙයුමක්!
2026-10-18T07:06:00+05:30
Gossip Lanka Hot News





