නාමල් රාජපක්ෂගේ එයාර්බස් ගණුදෙනුවේ නඩුව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරිමට අගවිනිසුරු අනුමැතිය ලබා දෙයි!
එයාර්බස් ගනුදෙනු සිද්ධියට අදාලව නාමල් ඇතුළු හතරකට එරෙහිව ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්ර ගොනු කළ බව නියෝජ්ය සොලිස්ටර් ජනරාල්වරයා ජනක බණ්ඩාර කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද (27) දැනුම් දුන්නා.
අගවිනිසුරුවරයාගේ අනුමැතිය මත කොලඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකළ මෙම අධිචෝදනා පත්රයට චෝදනා 24ක් සහ සාක්ෂිකරුවන් 59කින් සමන්තවිත වන බවයි නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව, මෙම නඩුව අද (27) මෙම අධිකරණයේ කැඳවෙන අවසන් දිනයට බවට බලාපොරොත්තුව වන බවද නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
මෙම නඩුව යළිත් අද (27) පස්වරුවේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි.
මේ පුවත තව අයට බලන්න
නාමල් රාජපක්ෂගේ එයාර්බස් ගණුදෙනුවේ නඩුව ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරිමට අගවිනිසුරු අනුමැතිය ලබා දෙයි!
2026-10-27T13:35:00+05:30
Gossip Lanka Hot News





