එයාර් බස් – නිල් බස්... නාමල්ට ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක්!
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා ඇති නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය (30) නියම කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩු දෙකට අදාළව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට මේ වනවිට නීතිපතිගේ අවධානය යොමු වී තිබෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කරයි.
නඩුව කැඳවු අවස්තාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ,
“ස්වාමීනි., මෙම නඩුකරය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුකරය ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් නැහැ. ඒ අනුව මෙම මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමේ අවශ්‍යතාවක් නෑ. මොකද මේ සිද්ධියට අදාළව අංශ දෙකකින් සිදු කළ විමර්ශන දෙකක් මේ.
ඒ වගේම ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කර තිබෙන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ සහතිකය සහිතව. ඔහුට ඒ නිසා එම නඩුකරයට අදාළව සුවිශේෂි තත්ත්වයක් අවශ්‍යයි ඇප ලබා ගැනීමට.
ඊයේ දිනයේත් සැකකරු සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීමක් කළේ නෑ ඇප සම්බන්ධව. එම නිසා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වුණා එම නඩුවට අදාළව ඊයේ දිනයේ යළිත්. මේ සිද්ධියට අදාළව අල්ලස් පනත ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිදු කළ විමර්ශන අවසන් කර තිබෙන බව තමයි මට දැන ගැනීමට තිබෙන්නේ.
ඒ වගේම සිද්ධිය සම්බන්ධයෙන් මෙම අධිකරණයේ තිබෙන මුදල් විශුද්ධිකරණය පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේද විමර්ශන අවසන්. මේ විමර්ශනයන් දෙකේම උද්ධෘත මේ වනවිට නීතිපතිට යොමු කරලා තියෙනවා.
ඒ අනුව මෙම නඩු දෙකටම අදාළව ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට මේ වනවිට නීතිපතිගේ අවධානය යොමු වී තිබෙනවා.”
මේ අතර එයාර් බස් නඩුවට අදාළව ලබන මස (13) වනදා දක්වාත්, ක්‍රිෂ් නඩුවට අදාළව ලබන (06) වනදා දක්වාත් පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ නැවත රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ පුවත තව අයට බලන්න
එයාර් බස් – නිල් බස්... නාමල්ට ඒකාබද්ධ අධිචෝදනා පත්‍රයක්!
2026-10-01T14:47:00+05:30
Gossip Lanka Hot News





