gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

විහාරමහාදේවි උද්‍යානයේ පිරිත් දේශනා කරමින් සිටි බලංගොඩ කස්සප හිමිට පහරදීමක්.. පොලිසියට චෝදනා.. හිමියන් ගිලන් රියකින් රෝහලට! (Video)

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

විහාරමහාදේවී උද්‍යානයේ රැඳී සිටිමින් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූ පිරිස සහ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අතර හටගත් බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. 

එහිදී පොලිස් නිලධාරීන් විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමක් සිදු කළ බවට සත්‍යග්‍රහයේ නියුතු පාර්ශ්වයන් දැඩි ලෙස චෝදනා එල්ල කරයි.

පසුව එම ස්ථානයට කැඳවන ලද 1990 ‘සුවසැරිය’ ගිලන් රථයක් ආධාරයෙන් බලංගොඩ කස්සප හිමියන් කඩිනමින් රෝහල්ගත කිරීමට සත්‍යග්‍රහයේ රැඳී සිටි පිරිස් පියවර ගෙන තිබේ. 

මෙම සිදුවීමත් සමඟ විහාරමහාදේවී උද්‍යානය සහ ඒ අවට ප්‍රදේශය තුළ දැඩි ආරක්ෂක රැකවල් යොදවා ඇති අතර උණුසුම් වාතාවරණයක් ද හටගෙන ඇත.









gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka